(නිමන්ති රණසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළුවී භාණ්ඩ සොරා ගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 10 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (2) නියෝග කළේය.
මෙම සිද්දියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගත් බාලවයස්කරුවන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ගරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කලේය.
මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනාගේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවද අධිකරණය විසින් අවලංගු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd