(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට වෙන මොනාද පුළුවන් හිටපු එක්කෙනා වගේමයි
මිනිස්සුන්ට ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. ගෙනල්ලා දීලා තියෙන බෙහෙත් වලින් මිනිස්සු මැරෙනවා. රටේ ප්‍රශ්න නිමක් නැහැ. මෙයා දන්නේ තුට්ටුවකට වැඩක් නැති බොරු සෝබන රට සවාරි ගහන්නයි ඔන්න ඔය වගේ වැඩ කරන්නයි විතරයි. නැත්නම් අහවල් එහෙකටද මේ හමුදාවක් කැඳවගෙන දඟලන්නේ මේ වෙලාවේ? මිනිස්සුන්ට ඔලුව නමාගෙන එයා කියන දෙයක් අහගෙන කට පියාගෙන හිටපල්ලා කියලා පෙන්නන්නද මේ හදන්නේ? ඒ ඉස්සර එයාගේ මාමගේ කාලේ තමයි මිනිස්සු එහෙම හිටියේ.
මහජනතාවට ඔය හැටි බයද?
සන්නද්ධ හමුදා කැදෙවුවට වැඩක් නැහැ නැවත අරගලයක් අවොත් ඔයාටත් පස්සදොරින්න් පැනල යන්න වෙනව , අපෙ සන්නන්ද හමුදා නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබන්නෙ නැැ , රටෙ අවශ්ය පමනට වඩිය රජයෙ සෙවකයො සිටියට ජනතවට කරදරයක් නොමතිව පාස්පොට් එකක්, හදුනුම්පතක් , රියදුරු බලපත්‍රයක් ගන්න බැහැ , හැම එකකටම පගාව දෙන්න ඔනෙ , කන්න බොන්න නැහැ බඩු මිල ඉතැ ඉහලයි , ජනතවගෙ එදිනෙදා අවශ්යත සපුරනව නම් ජනතාවට බයේ අාරක්ශාව තර කරන්න ඔනෙ නෑ...
එක පිස්සෙක්ගෙන් රට නිදහස් කරලා භාර දුන්නේ තවත් පිස්සෙක්ට.
සෑර්, අරගල කොල්ලො ටිකක් ගෝල්පේස් එනව කියල කවුරු හරි කිවුවද. සෑර්ව බය කරන්ඩ කවුරු හරි නොසන්ඩාලයෙක් ගෙ පචයක් වෙන්න බැරිද?
පිස්සු සහ හැටි මෙහෙමයි කියලා තමයි අපිට තේරුම් ගන්න පුළුවන්.. අනේ ඉතින් පිනට රජ වුනාම වාතයක් ගියත් වෙව්ලන්න සිද්ධ වෙනවා