
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ 9ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.
වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම නන්නපොල් වෙලා තියෙද්දී පෙට්රෝල් ගෑස් නැතුව පෝලිම්වල සිටින මිනිස්සු හියිය රටක් ගොඩදාලා මාර්ගය පෙන්නපු මිනිහට මෙහෙම කරලා මදි. මුළු ඉතිහාසයට ජෙප්පෝ කෝටී කීයක් රටේ ධනය කාබාසිනියා කරාද? කෝ ඒවාට නඩු. කෝ වදුරු සංගණනයට වියදම් කරපු මුදල් ?.
මේ විදියට ගියොත් අපේ ඇමති සෙට් එකටත් ඉදිරියේදී අවුරුදු ගානකට කෙලවෙනවා. මට තමයි උසාවි ගානේ බඩගගා කට්ට කන්න වෙන්නේ.
මේ වගේ ගොබ්බ රැලක් ඉන්න එකම රට . ලෝකයටම එකයී.
ලංකාව කියන්නේ, සාධක මත, අංක, මත සාක්ෂි මත, තීන්දූ තීරණ ගන්න රටක් නෙමෙයි , හුදෙක්ම හැගීම් මත, වාසි මත, තමන්ගේ පුද්ගලික මතය මත තීරණ ගන්න අන්ත මොංගල් මන්ද බුද්ධිකයෝ ඉන්න ගොබ්බ රටක්.
ඊළඟ ප්‍රවෘත්තිය ... රනිල් සී.අයි.ඩී එකෙන් යයි.
කීවේ මහබැංකු වංචාවට... කෙලින්ම සම්බන්ධ නිසා ඒකට අදාලව රනිල්ට දඬුවම් දෙනවා කියලා බලමු. අද වෙන දේ. කෝ මම වගේ අද රනිල් සීයාව හිරේ දායි කියලා රැවටුණු අය...
පකීර් සහ නීල් පිටරට ඉඳලා ලංකාවට කෙලවන බුද්ධිමතුන්ද?
පාණ්ඩුවේ උන් මන්ද බුද්ධිකයන් කියන එක ඒ අහිංසක මිනිස්සුන්ට කරන අපහාසයක්. මුන් වෛර චේතනාවෙන් පිරුණු ඊර්ෂ්‍යාවෙන් පිරුණු කුහක හැත්තක්. එහෙම උන්ට බලය ලැබුනාම පොළඟා වගේ කළ හොඳ අමතක වෙනවා... පන්න පන්නා දෂ්ඨ කරනවා.
වැඩිය ඕන නෑ... කමෙන්ට්ස්වලට දාලා තියෙන අන්ලයික් වලින් පේනවා ලොකු පුටුවලට යන අය එහෙම හැසිරෙන්නේ අපේම මිනිස්සු හින්දා තමයි කියලා...
මට දෙන ඕඩර් හැටියටයි මම වැඩකරන්නේ. මම දැන් අසරණ හමින්බර්ඩ් කෙනෙක් වගේ...
නිල සංචාරය අතරතුරදී පෞද්ගලික සංචාරයට මහජන මුදල් යොදවා ගැනීම නීති විරෝධී වන අතර එය දඬුවම් ලැබිය යුතු වරදක් වේ. ඒ වගේම මෙයා මහ බැංකු බොන්ඩ් ස්කෑම් හොරකමෙන් ලංකාවේ මුදල් රුපියල් බිලියන 59ක් මහජන මුදල් කාබාසිනියා කරලා අදත් නිදැල්ලේ ඉන්නවා. මේවා මහපොළොව උහුලන්නැති අපරාධ? අද රටේ දුප්පත් ජනතාව පොලොවේ පස් කනවා. එදා වේල පිරිමසා ගන්න.
වන්නිආරච්චි, ටිල්වින් සීයා (තමන්ගේ නියම නම කියන්නවත් කොන්ද පණ නැති), නීල්, පකීර්, ඔහෙලා කියන්නේ මහජන මුදල් කෝටි ගණනක් අවභාවිතා කරාම (විශේෂයෙන්ම රට බංකොලොත්වූ කාලයක), ඒ ගැන නීත්‍යානුකූල පරීක්ෂණයක් පවත්වන එක වැරැදියි කියලාද? ඔය තරම් පජාත වෙන්න එපා.