
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.
ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.
පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ජයවේවා...!!! ඔන්න ඔහොමයි අරගල කරේ...!
ශ්‍රී ලාංකික අපි ඔබතුමාට සුබ පතනවා. පළමුව ඔබතුමා මේ රට විනාශ කරන අර අරගල කාරයින්ගෙන් බේරලා දෙන්න. ජාතික දේපලවලට හානිකරපු අය අත්අඩංගුවට ගෙන නීතිය අනුව දඬුවම් දෙන මෙන් ඉල්ලා සිටිනවා...!
ගෝඨාභයට වඩා හපන්... රටකට යන කල...!
කුමක් කරම්දෝ සුබ පතනවා හැර...!!
උණුසුම් සුභපැතුම්...!
රට වනසන නාකි සෙට් එකේ උඩින්ම ඉන්නේ මේ අය තමයි...!
දැන් පොහොට්ටුවේ අයට සැපද? සනීපද?
69 ලක්ෂයක් ඡන්දෙන් පත්වුණු ගෝඨාව යැව්ව අපිට රනිල් යවන එක මහලොකු දෙයක් නොවේ...
ඔබ තමයි මේ අවස්ථාවේ ජනාධිපති තනතුරට සුදුසුම කෙනා...
මොනවා වුනත් හොඳ වැඩ 2ක් කර රටට එක කොඩියක් සහ ජනාධිපතිට ‘‘අතිගරු‘‘ යන්න ඉවත් කිරීම. අතිගරු යන්න භාවිතා කරන්නේ ජූජක පාර්ශවයට.. අතිගරු නමින් හඳුන්වන අය දවසින් දවස යහපත්කම ප්‍රගුණ කරන අය... දැක්කනේ අතිගරු කියපු කෙනා අන්තිමට රටෙන් රටට පැන පැන ඉන්නවා. රටවල් ප්‍රතික්ෂේප කරනවා.
ජනාධිපතිතුමනි, නිකන් දෙන උපාධි නවත්වන්න. නිකන් ලැබෙන නිසා හැමදාම කාලය හා සම්පත් නාස්ති කරනවා. ඔවුන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වඩා මුදලක් වියදම් වෙනවා. සාධාරණ මුදලක් අරගෙන විශ්ව විද්‍යාලවල ඉතිරිවෙන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්න...
රටේ දැවැන්තම පක්ෂයක නායකත්වය දරද්දී පවා නිසි කාලය සම්පූර්ණ කරගත නොහැකිව අගමැති ධුරය පවා අහිමි කරගත් ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ අවසානයේ තමන්ට යා නොහැකි වූ ජනාධිපති පුටුවට ගියේ මෙසේය. පාර්ලිමේන්තුව තුළ තනි අලියෙකු සිටින මොහු සමග දේශපාලන ක්‍රීඩාවේ යෙදිය හැකි කිසිවකු නොමැතිවග අකමැත්තෙන් වුවද කිව යුතුමයි. රටක් එරෙහි වුණත් ඔහු ඔහුගේ ක්‍රීඩාව නතර කළේ නැත. නතර කරන පාටක් ද නැත..
මේක ජනතා විරෝධී ව්‍යවස්ථාවක්.., ඡන්ද තිස්දහසක් විතර අරගෙන පහුගිය පාර්ලිමේතු මැතිවරණයෙන් පරාද වෙලා මන්ත්‍රී ධුරයක් වති නැතිවෙච්චි කෙනෙක් කොහොමද රටේ ජනාධිපති වෙන්නේ...?
හිට්ලර් කෙනෙක් වෙනවද? නැත්නම් ඔය ටිකත් ඔහොමම යනවද?
පලපුරුදු නායකයෙක් කෙසේවෙතත් ව්‍යවස්ථාවට අනුගත වීම සැමගේ වගකීමක්.. මේ අනුව දැනට ඔහු පත්වීමේ වරදක් නැහැ. නැතිනම් බලඅරගලය තුළ සම්පූර්ණයෙන්ම අක්‍රමණ්‍ය වෙලා ව්‍යාපාර මුළුමනින්ම ආර්ථික පරිහානියට යනවා.
පැරකුම් යුගයක් නැවතත් අරඹව්...!!! සුබ පැතුම් ඇත් රජුනි...,
දවස් පහේ ජනාධිපති.., මෙයා යන්නේ අරයා වගේ නෙවෙයි.. ඇඳිවතත් නැතුවයි.
එතකොට රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත්, අගමැති ධූරයත් ඉබේම අහෝසි වන්නේය. රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයේ වාඩිවිය නොහැක. මන්ත්‍රීවරයෙක් නොවන නිසා ජනාධිපති තනතුරට ඔහුගේ නම යෝජනා කළ නොහැකිය. නීතිමය ගැටළුව සලකා බලන්න.
රට කන්නේ නැතුව යන්න.
මේ වගේ උතුම් ක්‍රියාවන්ට ප්‍රස්තාපිරුළක් ඇත. ‘‘උත්සාහවන්තයා ජයගනියි‘‘ කියලා.. නව වැඩබලන ජනාධිපතිතුමනි... ඔබට ජයෙන් ජය. ඔබ පැතූ ලස්සන ලෝකය මේ දූපතේ නිර්මාණය කිරීමට යෝධ බල ශක්තිය ලැබේවා...!
රනිල් බලයට කෑදර වුණත් හොඳ දැක්මක් ඇති, අඩුවෙන් බොරුකියන මිනිහෙක් ඇතිවෙන්න දේකුත් නෑ.. නැතිවෙන්න දේකුත් නෑ..