IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රනිල් - මෛත්‍රීලාගේ කොතලාවල පීඨ පනත මේ ආණ්ඩුවත් එහෙමම ගෙනත්

(මුදිතා දයානන්ද)

රනිල් - මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව නැවත ගෙනත් තිබෙනවා. එදා පනත ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වෙනත් පාර්ශ්වයන්ගේ අරගල මගින් පරාජය කළා සේම මේ පනත ද පරාජය කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇය මෙසේද පැවැසුවාය.

කොතලාවල ආරක්ෂක පීඨය සම්බන්ධයෙන්‍ 2018 පැවති ආණ්ඩුව පනතක් ගෙනාවා. එදා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු බොහෝ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධය නිසා එය හකුලා ගත්තා. ඒ පනතේ භයානක කරුණු අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව විසින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහි ප්‍රධාන ගැටලු 03ක් අපි දකිනවා. උසස් අධ්‍යාපනය විකෘතිවීම, පෞද්ගලීකරණය කිරීම සහ මිලිටරීකරණය වීම ඒ ප්‍රධාන ගැටලු තුනයි.

උසස් අධ්‍යාපනය මේ පනත තුළින් විකෘත වෙන්නේ කොහොමද? මේ වෙනකොට රජය පවත්වාගෙන යන උසස් අධ්‍යාපනයේ පාලනය, තත්ත්වය නියාමනය වැනි දේ සිදුකරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්. ඒත් මේ අලුත් පනත හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වඩා බලයක් තිබෙන ව්‍යුහයක්, පාලන මණ්ඩලයක් මේක තුළින් නිර්මාණය කෙරෙනවා. එය ස්ථාපිත කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. ඒ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතල රාශියක් ලැබෙනවා. මේ මණ්ඩලය ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ හමුදාවල නියෝජනයක්, අමාත්‍යාංශයේ නියෝජනයක් තිබෙන නමුත් උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් නියෝජනය වෙන්නේ නැහැ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පිට ඒ යටතේ වෙනත් උසස් අධ්‍යාපනය ආයතන පිහිටුවන්න සහ උපාධි ලබාදීමේ බලතල මේ මණ්ඩලයට හිමිවෙනවා. තත්ත්ව පාලනය, උසස් අධ්‍යාපනය නිර්ණායක, ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම, විභාග පැවැත්වීම ආදි සියල්ල මේ මණ්ඩලයට පැවරෙනවා. මේ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ මහා භාණ්ඩාගාරයෙන් නියෝජිතයන් දෙදෙනකු නාමිකව පත් කිරීමේ අවස්ථාව විතරක් තියෙනවා.

එයට පත් කරන මේ කළමනාකරණ ව්‍යුහයම අවුල් සහගතයි. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රඳා පවතින අධ්‍යාපනය ලැබීමේ නිදහස, ශාස්ත්‍රීය ගවේෂණ සඳහා අධ්‍යයන නිදහස, මූලික කරගත් මූලධර්ම පද්ධතියක් තියෙනවා. මේ පනතින් යෝජනා කරන විශ්වවිද්‍යාල ව්‍යුහය තුළ ඒ ගැන කතා කරන්න කිසිම අවස්ථාවක් නැහැ. මෙය ඉතාමත්ම අනතුරුදායක දෙයක්.

උසස් අධ්‍යාපනය වෙනත් ආකාරයකින් පෞද්ගලීකරණය කිරීමටත් මේ පනතෙන් පාර කැපෙනවා. නිදහස් අධ්‍යාපනයට පටහැනිව ස්ථාපනය කරන මේ ව්‍යුහය පිහිටුවා ගැනීමට රජයේ මුදලුත් ලබාදෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුව සිදුකරන බව මෙයින් පැහැදිලි වෙනවා.

 



අදහස් (2)

රනිල් - මෛත්‍රීලාගේ කොතලාවල පීඨ පනත මේ ආණ්ඩුවත් එහෙමම ගෙනත්

සෙන්ජී Tuesday, 18 May 2021 06:33 AM

මේ විස්තරයෙන් පැහැදිලි වන්නේ, විශ්ව විද්‍යාල පද්ධතිය තුල කෲරව ක්‍රියාත්මක වන ජවිපෙ, පෙරටුගාමී බල අධිකාරිය කොතලාවල විශ්ව විද්‍යාලය තුළට ගෙනයාමට නොහැකි අඩෝවැඩියාවයි. ඉන් ඔබ්බට විහිදුණු ශිෂ්‍යයින්ට වන යම් අසාධාරණයක් ඇත්නම් එය ඉදිරිපත් කර නොමැත.

:       26       6

Aruna Thursday, 20 May 2021 09:42 AM

උගත්, නිහතමානී ඔබගේ බොළඳ විහිලු තර්ක ගැන සිතා ගැනීමටත් බැරිය. 1 ඔබගේ තර්කයට අනුව නිදහස් අධ්‍යාපනයට හැරුණු විට මුදල් අයකරන අධ්‍යාපන ආයතනවලට ඉඩක් නැත. මන්ද එය නිදහස් අධ්‍යාපනය මරා දැමිමකි. ලංකාවෙි සරසවි වරම් ලබන එහෙත් එ් සඳහා අවස්ථාවක් නොලබන අය කවදා හෝ නිදහස් අධ්‍යාපනය ලැබෙන තෙක් බලා සිටිය යුතූයි. ලංකාවේ අර්ථික තත්වය දෙශපාලනයේ තරම අනුව ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සදා සිහිනක් වනු අැත.

:       23       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site