
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එජාප හමුවකදී අද සම්මත කර ගැනුණි.
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් නායක එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම පාක්ෂික හමුව පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණු බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.


COMMENTS
රනිල් නැත්තං මෙයාටත් හුළං තමයි. තමන්ටම කියලා දේශපාලන අනන්‍යතාවයක් නැති කෙනෙක්....
අනේ පලයන් යන්න ගොබ්බයා. කෙලවලා කෙලවලා තවත් විලිලජ්ජා නැතුව ඇවිල්ලා මරි කතා කියනවා
එතුමා හිටියත් නැතත්, ඔයා අයින් වෙලා යන්න.
අපිට ආරංචියක් ආව තමුන් මහ දවල් අහස් මල් වෙඩි පත්තු කලා කියල . මේ වගෙ ගොං වැඩ කරල රටේ ජනතාව ගෙ සල්ලි නැති නාස්ති කරන්න තමුන්නැහැලා වගෙ අය පිනටවත් ආයෙ පාර්ලිමේන්තුවේ පැත්තට යවන්න ගාල්ලේ ජනතාව සූදානම් වෙන එකක් නැහැ . දැක්ක නේද වජිර , මනුෂ, සම්පත් , රමේෂ් සේරම එකතු වෙලා ගාල්ලේ ගත්තු ඡන්ද ගණන.
2048 වෙනකම් නායකත්වය ලබා දෙන්න. ඕගොල්ලෝ ඔක්කොම දිගටම ගෙදර ඉන්න. අපි ස ජ බෙට චන්දේ දීලා ඒ අය පාර්ලිමේන්තුව ට යවන්නම්. ඕගොල්ලෝ හණමිටි කරේ තියාගෙන යන්න. හොරු නොවන තරුණ එ ජා ප ප්‍රාදේශීය නායකයින් සජිත් මහත්තයාට එකතු වෙන්න. නැත්නම් ඔයාලටත් අනාගතයක් නෑ
ජනතාව පිට පිට කීපවරක් ප්‍රතික්ෂේප කරපු රනිල්ව මේ සෙට්එකම එකතු වෙලා පුම්බලා තියාගන්න හදන්නේ මොන මගුලකටද?
වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහජන ඡන්දයකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට නොහැකිව වැඩි ම වාර ගණනක් පරාජයට පත්වූ එක ම ප්‍රධාන අපේක්ෂකයා" තවත් මොනවද ?
රනිල් එක්කම යන්න තමයි තියෙන්නේ
ජනජනාධිපතිවරණය දි පාඩම් ඉගෙන ගත්තේ නැත්නම් මහමැතිවරණයේ දි ඉගෙන ගනිවි. ලොවෙත් නැති වෙන්න
කෝ ඔය සූත්තර පුංචා අරන් දෙනවා කිව්ව ඡන්ද ලක්ෂ 100. ලෝකයටම විහිළු සපයන්නේ නැතිව දැන්වත් තේරුම් අරන් පැත්තකට වෙලා ඉන්න..
තරගයෙන් තුන්වැනියා වුණාට පස්සේ, ඊළඟ තරගය තියෙන්නේ පළවැනියා, දෙවැනියා එක්ක විතරයි..ඡන්ද ගණන් කරන කොටත් තුන්වෙනියාගෙන් පහළ සෙට් එකම පැත්තකට දැම්මා මතක නැතිද? තවත් සුපිරිම පරාජයක් අත්විඳලාම වැඩේ අතාරින්නකෝ. එතකොට ලෙඩේ සනීප වේවි.
සජිත් රනිල්ගේ පියන් කමටවත් හරියන්නේ නැහැ, ඔහුගේ පියා කල පව් සජිත් පසුපසින් එනවා.
ඇත්තටම මේ වගේ සට්ටැඹියන් නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂය අත ඇරලා ජාතික ජනබලවේගයට එකතු වුනේ. මම 2001 මහමැතිවරණයට රනිල් වෙනුවෙන් වැඩ කලේ ජීවිතය මරුවට බාරදීලා. මා ඇතුලු මගේ කණ්ඩායමට හෝමාගම ආසනයේ රනිල් වෙනුවෙන් මැතිවරණ කටයුතු කිරීමේදී විරුද්ධ පාක්ෂිකයෙක් විසින් මැරීමට එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් එක්කෙනෙක් එතනමත් මාඇතුලු හය දෙනෙක් බරපතළ තුවලා ලැබුවා. තනිකරම බඩගෝස්තරවාදියෙක්. මනූෂ අනිත් කෙනා. පක්ෂය බිමටම තමතලා කලා.
රනිල් නායකත්වයේ ඉන්න තරමට තමුන්ට නම් හොඳ ඇති. රටට නම් වැඩක් නැතුවා. 47 වසරක් දේශපාලනේ කෙරුවනේ, අපි නම් කියන්නේ හිටියා හොඳටම වැඩී කියලා...?