(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉකුත් සැප්තැම්බර් 6 වැනිදා පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට සුදානමින් සිටීම හේතුවෙන් එම තීරණයට ඉඩ දී  තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කරන බවත් රනිල් ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.