
(අංජුල මහික වීරරත්න)
2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් බව එල්.ටී.ටී. යුද සමයේ ජිනීවා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එරික් සෝල්හයිම් මහතාගේ එක්ස් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
"කරුණාකර රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන්න! ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමඟ මමද එක් වෙමි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. රඳවා තබා ගැනීමේදී ඔහුගේ සෞඛ්‍යය ගැන අපි සැවොම සැලකිලිමත් වෙමු. 2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් ය.
රනිල්ට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැත. ඒවා සත්‍ය වුවද, ඒවා යුරෝපයේ කිසිදු අපරාධකාරී හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසැලකේ. දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ ව්‍යාපාරයට මම පූර්ණ සහයෝගය ලබා දෙමි, නමුත් කරුණාකර සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද මේ? මහජන මුදල් අවභාවිතය රාජ්‍ය නායකයෙකුට ඉතාම නොහොබිනා වරදක්.
මිනිහා හොඳවැයින් ටිකක් අහගෙන තියෙනවා ලංකාවෙ මිනිස්සුන්ගෙන්. ලංකාවෙ තාම ඉන්නෙ අනූ ගණන්වල මෝඩයෝ කියල හිතන් තමයි ඔය පෝස්ට් එක දාන්න ඇත්තෙ.
ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට අනව්‍යශ ලෙස මැදිහත් වීමේ නරක පුරුද්ද සොල්හයිම්ට තවම අතහැර ගන්න බැරිවෙලා වගෙයි, නමුත් සොල්හයිම් මතක තියා ගතයුතුයි මේ තියෙන්නේ බටහිරට ගැති පාලනයක් නොවෙයි කියලා, දැන් බලමු දේශප්‍රේමීත්වය තවරා ගත්ත රාජපක්ෂ කල්ලිය හා ඔවුන්ගේ වන්දිභට්ට වීරවංශ ගම්මන්පිල ඇතුළු නඩය සොල්හයිම්ට දක්වන ප්‍රතිචාර මොකක් කියලා....
ජ්‍යේෂ්ඨයින් ට ගරූ කරන්න බැරි, අම්මා තාත්තා හඳුනන්නෙ නැති, රටක් ජාතියක් ආගමක් නැති , දේශපාලනයක් පමණක් ඔළුවෙ පුරවාගෙන, වැදගතාට , ඇති එකාට වෛරකරන , බොරුව ආත්මය කරගත් කොටසක් පාලනට දැම්මමෙ ඔහේ රැල්ලට යන මෝඩ ජනතාවයි. ඉදිර්යේදි මතුවන මහා ජාතික සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු වලට පවා වග කිව යුත්තේ උඩ පණින මෝඩ ජනයාමයි.
ඌ තමා හිතාගෙන ඉන්නේ ලංකාවේ තියෙන්නේ යුරෝපයේ නීතිය කියලා. එහෙ නීතියට වරදක් නොවුණත් මෙහෙ නීතියට වරදක් වෙන්න පුළුවන්. අරාබි රටවල ගල් ගසා මරන අනාචාරයේ හැසිරීම මෙහෙ අත්අඩංගුවට ගන්න පුළුවන් තරමේ වරදක්වත් නෙවෙයි. රට රටවල නීති වෙනස්. සුද්දන්ගේ යටත්වාදී මානසිකත්වය පේනවනේ
මෙයත් රාජ්‍ය සංචාර වලදී මුදල් අවභාවිතා කළා කියලා රස්සාවෙන් එලවපු කෙනෙක් නේද?
මේ යකා කොහෙද රටක ඉඳන් මේතාක් කලේම අපේ රටවල් විනාශ කරන එවුන්ට සහය දෙන එක, අනික පරණ යාලුවනේ. මේකත් දැන් වයසට ගිහිල්ලා මොලේ අවුල් ඇති නැත්තම් කවුරුහරි බල කරන්න ඇති යාළුවාව බේරාගන්න උදව් කරන්න කියලා.
මහපාරේ මිනී මරපු උන්ට මේවා සුළු දේවල්. මහින්ද ගත්ත දවසට තමයි වැඩ වරදින්නේ
පක්ෂය ඇතුලෙ ප්‍රශ්න යටගහන්න පැලවත්තෙන් මේ වගේ ගොන් වැඩක් කරයි කියල අපිත් හිතුවෙ නෑ.
එරික් සොල්හයිම් 2016 සිට 2018 දක්වා එක්සත් ජාතීන්ගේ උප මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා විය. 2018 නොවැම්බර් මාසයේදී ඔහු ඉල්ලා අස්වූයේ ඔහුගේ නිරන්තර ජාත්‍යන්තර සංචාර සහ අභ්‍යන්තර නීති කඩකිරීම් විවේචනය කළ එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර විගණනයකින් පසුවය.
ඔබගේ කාරුණික වචන වලට අපි ඔබට ස්තූතිවන්ත වෙමු. නමුත් ශ්‍රී ලංකාවේ අපි විශ්වාස කරන්නේ අපේ රටේ ඉතා ශක්තිමත් අධිකරණ පද්ධතියක් ඇති බවත් එය අපේ ජාතියේ දියුණුව අපේක්ෂා කරන බවත්ය. එසේම අපගේ ස්වර්ණමය පසෙහි අපගේ කීර්තිය නැවත ලබා ගැනීම සඳහා ජාතියක් ලෙස සෑම රෝගයක් දෙසම සමීපව බලා සිටින බවත් අපි අපේ රටේ සියලු සිදුවීම් සලකා බලා අධීක්ෂණය කරමු.
විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඇයි වෙනත් රටක අධිකරණ තීන්දුවක් ගැන මත පළකරන්නේ? පුදුමයි? කිසිසේත් අදාල නොවන මැදිහත්වීමක්.
කවුද මේ? මොනවාද කරන්නේ? ඊශ්‍රායල් ඉරාන යුද ගැටුම් කාලේ මෙයා නිදිගෙන ආයෙත් ඇහැරිලාද?
මෙතුමාට රට කොටින්ට දෙන්න බැරි වුනේ ජේවීපී එක නිසා. ඒ් තරහා ඇත්තේ...
ලන්කාවේ අධිකරණයට උපදෙස් දෙන්න එයා කව්ද? අපේ රටේ ගරු අදිකරණය ඒ ගැන කරුණු කාරනා රැසක්ම හොන්දින් විමර්ශනය කර දුන් තීන්දුවක්, සිෂ්ඨ සම්පන්න රටවල නීතීය කාටත් පොදුයි කියලාවත් දන්නේ නෑ වගේ...?
එරික්, ඔයා ලංකාවේ නීතිපතිද?...
ලංකාවේ අයට සෝල්හයිම් පොරක් වුණාට විදේශ සංචාර වලට මුදල් තොග පිටින් වියදම් කරලා රස්සාව නැතිවෙලා යන එන මං නැතිව ඉන්න පොරක්...
ඩොලර් 488,518 ක් අවභාවිතා කරලා UN එකෙන් ඉල්ලා අස්වෙන්න වුණු සොල්හයිම් කියන ඒවා කවුද ගණන් ගන්නේ?