(අංජුල මහික වීරරත්න)

රටේ දරුවන්ට අනාගතයක් ඕන නම් රනිල් කියන  මනුස්සයගෙන් ඒ වැඩේ කරගන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල්ට ජනාධිපති වෙන්න බෑ කියා පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයක් හදාගෙන ගිය බව කී අබෙිවර්ධන මහතා ඉතුරු වුණු පිරිස එක්ව ඔහු අට වැනි විධායක ජනාධිපති ධුරයට පත් කළ බව කීය.

එක්සත් ජාතික  පක්ෂයේ මැයි දින සංවිධායන කටයුතු සම්බන්ධයෙන් රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පැවැති සාකච්ඡා අමතමින් අබේවර්ධන මහතා මේ බව කීය.

බංකොලොත් වුණු රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල්ට රට බාර දෙන්නැයි තමා එදා කියූ කතාව අද සත්‍යයක් වී තිබෙන බවද එජාප සභාපතිවරයා කීය.