(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනාවැකියත් කිව්වොත් බොහෝ විට සිදුවන්නේ ඒ අනාවැකියේ අනෙක් පැත්ත හෙයින් අයවැය කතාව අහනකොට තමාට මහා බියක් ඇති වූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම අයවැය බුදුන් බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් බව තම හැඟීම යැයි ගම්මන්පිල මහතා කීය.
ලංකාවේ වෘත්තීය සමිති ආර්ථික අර්බුදය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති බව පෙන්නුම් කරමින් සිටින බව කී ගම්මන්පිල මහතා ණයට අරං පඩි වැඩි කර වැඩක් නැතැයි ද පඩි වැඩි කළාට එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩි වෙනවා නම් කලින් පඩියට ගත්ත භාණ්ඩ ප්‍රමාණයවත් පඩි වැඩි කළාම ගන්න බැරි වෙන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 දී ඔබේ අනාවැකිය කිසිවෙකුට පරාජය කළ නොහැක. ඔබ අපට කීවේ මහතීර් මොහොමඩ් සහ ලී ක්වාන් යූ ඒකාබද්ධ චරිතයක් ඇති නායකයෙකු 2019 දී තේරී පත්වන බවයි.
රනිල් විතරක් නොවේ... ඔය සේරගේම කතාවලට මිනිස්සු කොරවෙලා ඉන්නේ...
ඒ වගේමයි, ඔය මුහුණු පොඩ්ඩ දකිද්දිත් මටනම් බයයි.
අනේ , අපිට නම් ඔහේගේ මූණ දකිනකොටත් බයයි. මොකද තමන්ගේ බිස්නස් සහකරුට කරපුදේ රටම දන්නවනේ...!
ඔයා නිකන් දොඩවනකොට අපිට ඊටත් වඩා බයයි
රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරලා, හැම දේකම මිල ඊට පස්සේ වැඩිකරනවා. එතකොට ආයෙත් රජයේ අයට ඒ තත්වයෙන් හරි ඊට පහළ ජීවන තත්වයක් හරි ලැබෙනවා. පුද්ගලික සහ එදිනෙදා කුලී වැඩක් කරලා ජීවත් වෙන මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. රටේ එක කොටසකගේ විතරක් පඩි වැඩිකිරීම මගින් කිසිම දියුණුවක් වෙන්නේ නැහැ. රට තිබුණාට වඩා ඇදන් වැටෙනවා. පඩිවැඩිකිරිම රටේ පිරිහීමට පමණක්ම හේතු වෙනවා.