
(අංජුල මහික වීරරත්න සහ රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය ලබා දීමට අද පෙරවරු නවයට පමණ පැමිණියේය.
පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙලෙස අත්අඩංගුවට පත්විය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.
වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර තමයි...
කොහොමත් මේ අත්අඩංගුවට ගැනීම වෙනවා කියලා ඊයේ එක්කෙනෙක් කැට තියලා YouTube එකේ ලෝකෙටම කියලා තිබ්බනේ. අහෝ ඔබ මැවූ නීතියේ ආධිපත්‍ය පුදුමයි දෙවියනි...
කමෙන්ට් දාන බලකායට වැඩ වැඩිවෙන ප්‍රවෘත්තියක්...
නියමයි...!
පළපුරුදු කට්ටිය කරලා තියෙන්නේ හොඳට...!
යූ ටියුබ්කරු දැනුම් දුන් පරිදි, ඔහු අත්අඩංගුවට ගෙන ඇත. රෙජීමය රුසියානු වර්ගයක සියලු ලක්ෂණ ඇත. ක්‍රීඩාව ආරම්භ වී ඇත...
පහුගිය කාලේ පුරාම නිවනක් නැතිව හිටි ඩෝබිලා වෙනුවෙන් අද සිට පෙන්වන නවතම චිත්‍රපටිය. පැලවත්තේ නිෂ්පාදනයක්, රස ආකරයක්... සීමිත දින ගණනකට පමණි.
මාලිමා ආතල්...
ඕවාට රිටර්න් හම්බ වෙනකොට මේ පැත්තේ නම් එන්න එපා පඟරනැට්ටෝ...
මහජන බදු මුදලින් සැප ගත්ත තව රංචුවක්ම ඉන්නවා, ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වනතෙක් සිටිමු...
රනිල්ව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියලා ඩෝබි සුදාට කලින්ම කිව්වේ කවුද? මම වත්ද?
අනේ අපේ මහින්ද මහත්තයාට උණ ගැනිලාලු... පව්...!
ඊළඟ සතිය මීටත් වඩා අමාරු වෙයි.
RW හිටපු ජනපතිගේ පෙර වැරදි ගැන මට තර්ක නැහැ. ඔයකියන දේවල් වෙන්ඩත් ඇති, නොවෙන්ඩත් ඇති. හැබැයි මේක තනිකරම JVP කුහකකම එලියට දැමීමක්, 1/.JVP රට විනාශ කරද්දී කොන්ද පණ ඇතිව ඒවා මර්දනය කළා, එහෙම නොවෙන්න අද රට තුන හතරට කැඩිලා... 2/.සාම ගිවිසුමක් ගහලා LTTE එක අඩපණ කළා... 3/.ගෝඨාභය යවලා පර්ලිමෙන්ට් එක විනාශ කරන්ඩ එනකොට ඒක මර්දනය කළා... ඔය වගේ ජනප්‍රිය නොවන තීරණ ගොඩක් ගත්තා. මේ රට විනාශ වෙන්ඩ තිබුුණු රටක්, කොළබ මිනිස්සු වී ගෙනත් stock කළා... කන්න නැතිවෙයි කියලා, මැටි රොටි ගැන කථා කළා, JVP එක හැමතැනම වර්ජනය කරනකොට හැමදේටම හොදින් හෝ නරකින් හැමදේම කළමනාකරණය කළා. මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක jVP එක තවත් මට නම් එපා වෙනවා. අපිට අවශ්‍ය නායකයෝ මිසක් ජෝකර්ලා නෙවෙයි...
අත්අඩංගුවට අරන් තියෙන්නේ විදේශ සංචාරයක් ගියා කියලා. බුහ හා. මේවා නම් මහා විහිලු. ආණ්ඩුව තව කිච වෙන එක විතරයි වෙන්නේ...!
අනුරට සහ මාලිමාවට ඡන්දය දීපු එක දැන් වටිනවා...
ප්‍රධාන ප්‍රශ්න, මහ බැංකු යටගියා... මේවා ඉතින් ඩ්‍රාමා තමයි. මහ මොලකරු හිනාවෙනවා ඇති...
මහා විනාශයක ආරම්භය...!
මේ මොහොතේ රජයට එරෙහිව ඇතිවෙමින් පවතින විරෝධයට සහ යූ ටියුබ් කරුවන් චූන් කිරීම උදෙසා මේ අත් අඩංගුවට ගැනීම සිදුවුනි නම් අවසානයේ සිදුවන්නේ ද්‍රෝහීයා වීරයෙක් වීම පමණි...
වහා නිදහස් කරනු!!!
ඇතුලේ කැබිනට් එක හෙමින් පටන් ගන්න.. අනිත් අයත් ළඟම එනවා.
මාලිමාවට ඡන්දය දුන් ජනතාවට ආඩම්බර වෙන්න පුළුවන්, ලොකුද පොඩිද බලවත්ද දුබලද බේදයක් නැතුව නීතිය ක්‍රියාත්මක වෙනවා. පොහොට්ටු අලි ටෙලිෆෝනය හවුලට ඡන්දය දුන් බයි සංසදය වැලපුණාට..!
රාජකාරි ගමනක් ගිහින් එන ගමන් අතරමග තමන්ගේ පුද්ගලික කටයුත්තකට යෙදුණාට රනිල් අත්අඩංගුවට... කන්ටේනර් 323 හොරට පන්නලා රටට කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුකරපු බිමල් නිදහසේ. පට්ට ස්වාධීන සීඅයිඩියක් ඕයි...
අව්ලක් නෑ. මෙතුමාම පත්කරපු පොලිස්පති කෙනෙක් රිමාන්ඩ් එකේ ඉන්නවා මෙතුමාගේ ආරක්ෂාවට...
අපි දැන් කන්න ඕන කිරිබත්ද? නැත්නම් පොළොවේ පස්ද? මේ පුවත දැකලා අපි ජෝඩුවට මුකුත් හිතාගන්න බැරිව නන්නත්තාර වෙලා ඉන්නේ...!
වෙල් ඩන්...!
වැරදි වැඩ කරපු අනිත් අයත් ලෑස්ති වෙලා ඉන්නවා හොඳයි...
අපිට වැල් පාලමේ යන්න කියලා එයා කරපු දේවල් අපි නම් හොඳාකාරවම දන්නවා. අවුරුදු පනහකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනේ විවිධ තනතුරු දරපු කෙනා, රට බන්කොලොත් වෙලා තියෙද්දී උපදේශකයෝ තිස් ගාණක් පත්කර ගෙන, සියලු වරප්‍රසාද, වරදාන ලබාදිමයි කෙරුවේ. රටේ ඉඩකඩම් ටිකත් විකුණාගෙන කන්නයි හිතාගෙන හිටියේ...
මේවා ආණ්ඩුවේ දුර්වලකම සහ නිරුවත පෙන්වන ජවනිකා මිසක් වැඩකට ඇති දේවල් නොවෙයි. සැබෑ ප්‍රශ්න මේවා නොවෙයි...
මහමොලකරුවෙක්?
රනිල්ව අත්අඩංගුවට ගන්න ආසන්නතම හේතුව තමයි, රනිල් අගමැති විදිහට ඉන්න කාලේ, ශානි අබේසේකර, හිටපු මන්ත්‍රී කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අවසර ගන්න ගිය වෙලාවේ, අනිත් පොලිස්කාරයෝ ඉස්සරහා රනිල් ශානිට බැන වැදිම...! එකේ රිටර්න් එක, මාලිමා වේදිකාවල නැගලා මාලිමාවට රෙදි නැතිව කඩේ ගිය මේ සැට්ටම්බියා අද ගත්තා ! බලමු ලපකොටා වියට්නාමෙට ගිහින් පොද්ගලික ජෙට් යානයක ලහිලහියේ පුංචි ඡන්දෙට ඡන්දෙ දාන්න ආපු එකත් විමර්ශනය කරනවාද කියලා...!
ආණ්ඩුව හෝදන්න ආපු පඩියට කොටන වහල්ලූ දැන් ගෙදර ගිහිං බුදියගන්න. රනිල්ට ඇප.
කොටින්ම කියපල්ලා, ඔබලා හිඟානොකා හිඟා කනකොට රටේ සල්ලි වලින් කෝටි ගණනක් වියදම් කරලා උපාධියට යන එක හරිද?
හා හා දැන් ඩෝබිලා ටික සබන් වතුර අරන් තමුන්ගේ රාජකාරිවලට යමු. RW ගෙදර ගියා... ෂෝ එක ඉවරයි.
Drama.ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඕවා නොවෙයි. මහ බැංකු හොරකමෙයි, උගන්ඩා සල්ලියි, හොරාකාපු සල්ලියි, රොකට් යවපු සල්ලියි අයකරගෙන ජීවන බර අඩු කිරීමයි...
මේ කමෙන්ට් සහ ඒවාට දාලා තියන ලයික්, අන්ලයික් විදිහ බැලුවාම තේරෙනවා... හුගක් ඒවා.
හිස රුදාවට කොට්ටේ මාරු කළා වගේ තීරණ.. රනිල් හිරේ දාලා මොනවා කරන්නද? රනිල් කියන්නේ තෙම්පරාදු වුණු දේශපාලකයෙක්. මාලිමාව පස්ස ඉරාගන්න හදන්නේ. පලිගැනීම් නවත්තලා රට හදපියව්....