(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර හෙට (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි?
Chaminda Wednesday, 11 May 2022 10:56 PM
විය යුතු හොදම දේ එයයි.
උදය Wednesday, 11 May 2022 11:00 PM
රටේ අනාගතය කෙසේ වෙතත් රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ පහත් උපක්‍රමයක් බව ඉතා පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂයට අත්කරදුන් ඉරනම ම ලංකාවටත් අත්කර දීලයි නවතින්නේ. හොරු අල්ලන්නෙත් නෑ..... හොරාකාපුවා අයකරගන්නෙත් නෑ. එයාලා යාළුවෝ මල්ලී..........
කිරි පුතා Wednesday, 11 May 2022 11:05 PM
පළතුරු දේශපාලකයෙකු වශයෙන් බලය සමඟ මොළයද පහළ වේවා !
Ajith Thursday, 12 May 2022 01:35 AM
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ.මුන් තමය් රටට කෙලවෙන ඵක පටන් ගත්තේ. මහ බැංකුව කඩල.
rifan Thursday, 12 May 2022 10:18 AM
එහෙනම්, මහින්ද වෙනුවට මහින්ද නියෝජිතයෙක්
Hafeel Thursday, 12 May 2022 10:26 AM
මෙයා ආයිත් අගමැති වුනොත්, නැවතත් අවාසනාවන්ත රටක් බවට පත් වෙනවා. 2015 - 2019 දීත් හොරුන්, දුෂිතයන් ආරක්ෂා කරමින් ජනතාව රැවට්ටුවා. තමාට කඩේ යන නුසුදුසු පුද්ගලයන්ට ඇමතිකම් දුන්නා l සහ අර්ජුන් මහේන්ද්‍රන් වගේ පිට රට යාළුවන් රටේ ඉහල තනතුරුවලට පත් කරලා රටේ ඉදිරි ගමන වලක්වා. නැවතත් මේ ඩීල් රනිල් එපා.
Dharshana Thursday, 12 May 2022 10:26 AM
මේ අවස්ථාවේ ඇති හොඳම විසඳුම. රට කැමැත්ත කොහොම උනත් ලෝකයේ විස්වාසය ඇති නායකයෙක් අවශ්‍ය මොහොතක අපි ඉන්නේ. මූලික දේ ආර්ථික අර්බුදය දිනන එක.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 May 2022 10:48 AM
රට වැටී ඇති මේ අවස්ථාවේ සියලු වාද භේද භින්න නැතිව එකාමෙන් නැගිටීමට වෙර දැරීම අගය කළ යුතුයි.ඒ නිසා ඔබතුමාට අනෙකුත් පක්ෂ නායකයන්ට වඩා විදෙස් රාජ්‍යයන් හා නිසි පරිදි කටයුතු කළ හැකියි.රට නිසි ලෙස ගොඩගත් පසු මැතිවරණයකට යා හැකියි. පාට පක්ෂ ජාති ආගම් භේද අතැහැර රට ගොඩ ගැනීම සඳහා රජ වාසල සැවොම එකාමෙන් කටයුතු කළ යුතුයි.