(අංජුල මහික වීරරත්න)
සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී තිබේ.
මෙි අතර සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඉකුත් අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා තිබේ.
තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක මහතා සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පවසා ඇත.
තමා පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බවද රන්ජන් රාමනායක මහතා පවසා ඇත.
එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට කඩේ ගිය අයට දැන් සැපද?
පට්ට සෙල්ලම. එයාලා දානවා මෙයාලා ගන්නවා. මෙයාලා දානවා එයාලා ගන්නවා. රටේ නීතිය ....
හරීන් රංජන් නිදහස් කරන්න කියමින් කලු සාටක දමාගෙන විශාල විප්ලවයක් කළ හරීන්, මනූෂ දෙදෙනා රංජන් නිදහස් කරන්න කියලා ජිනීවා පවා ගියා. ආණ්ඩුවට යන්න කළින් මේ දෙදෙනාට මේක කොන්දේසියක් ලෙස ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් කළේ නැහැ. දෙදෙනාම අවස්ථාවාදීන් බව පෙනෙනවා. රංජන්ගේ ප්‍රජා අයිතිය නැති වුණත් රංජන්ගේ කතාකිරීමේ නිදහස නැති කරන්න බැහැ.
රන්ජන් ගරුඅධිකරණයට අපහාස කල කෙනෙක්. ඔහුව නිදහස් කිරීම ඔය කියන ජනාධිපති බලතලවලට යටත්ද? දුමින්ද නිදහස් කිරීම නීති විරෝදීනම් රන්ජන් නිදහස් කිරීම නීති විරෝධී නොවෙයිද? ඔයදෙක අතර අතර වෙනස මොකක්ද? ජනාධිපති සමාව වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද?
ලාබ ක්‍රමයට බොරුවට ජනතාවගේ හිතදිනාගන්න හදනවා. මෙයාට මොනවද කරන්න පුළුවන්? කරන්න ඕන දේවල් කොච්චර තියෙනවද?
රංජන්ව මෙහෙයවලා විනිසුරුවරුන්ට බලපෑම් කරපු ඒවට අන්තිමට රංජන්ට තමයි හිරේ යන්න සිදුවුණේ.. නැවත ඔහුව යොදාගන්න පුළුවන් වෙන විදිහට සැලසුමක් හදනවා වගේ පේන්නේ.
රන්ජන් නිදහස් කරගන්න එකද අපිට තිබෙන ලොකුම ප්‍රස්න? රන්ජන් නිදහස්කර ගන්න එක එක හිරුනිකාට බාර දීල ඔබ රටේ පශ්න විසඳන්න. බැරිනම් දාලා යන්න.
රටේ ජනතාව හිඟානොකා හිඟන තැනට පත්වෙලා ඉන්නවා. මේකද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය...?
රටේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කර මෙම සිද්ධිය ගැන විමර්ශණය කළ නොහැකිද? ඇත්තටම සුනාමි නඩුව ගැන එය විමසූ කෙනා කියපු දේ අනුව රංජන් වරදක් කළාද? පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කරන්නවත් බැරිද?