
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 277,000 ක් දක්වා ද ඉහළ ගොස් තිබූ බව කී හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ මෙම මිල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම රත්තරන් මිල බව ද සඳහන් කළහ.
ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඊයේ පස්වරු වන විට ඩොලර් 3,500 ඉක්මවා ගොස් තිබූ බවත් ඉදිරි දිනවලදී රත්තරන් මිල තව දුරටත් ඉහළ යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇමෙරිකාව මෑතකදී හදුන්වා දුන් තීරු බදු හේතුවෙන් මෙසේ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ ඊයේ (21) කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 246,600 සහ කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 268,000 ක පැවතුණි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් පවුමක් 255,000 ක් වෙයි