IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රන් පදක්කමක් දිනූ තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

(යොහාන් භාසුර)

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

තරුෂි වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ඒ අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (14)

රන් පදක්කමක් දිනූ තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

wmmd bogollagama Thursday, 05 October 2023 01:19 PM

නියම තීරණයක්

:       2       52

duminda Thursday, 05 October 2023 01:20 PM

නියමයි ..ලක් මව වෙනුවෙන් තව හයියෙන් දුවන්න දුවේ

:       0       46

A Genuine Sports Lover. Thursday, 05 October 2023 01:25 PM

එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉතා හොඳ ක්‍රියාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම විධායක නිලධාරීන් සමඟ විදේශ සංචාර සඳහා සිනමා තරු සහ නිරූපිකාවන් රැගෙන යාමට පමණක් නොව සැබෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග පිරිනැමීමට ද සිය මුදල් වියදම් කිරීමට සූදානම් බව ද එයින් පෙන්නුම් කෙරේ.

:       4       45

Sk Thursday, 05 October 2023 01:54 PM

ලකුනු 50ක් අමාරුවෙන් ගහපු ටීම් එක නඩත්තුව නවත්තලා මේ වගේ වැඩකට සල්ලි දාපු එක හොඳයි

:       0       2

අරවින්ද මොනරවිල Thursday, 05 October 2023 02:11 PM

ක්‍රිකට් ආයතනයේ ලොක්කෝ පහුගිය දවස්වල නාගත්ත මඩ හෝද ගන්න ක්‍රම හොයනවා, ඒ පොට්ට චාන්ස් එක තමයි තරුෂිට වැදුනේ. කොහොම උනත් කමක් නැහැ ඇගේ දක්ෂතාවයට අගය කිරීමක් ලැබුණු එක හොදයි.

:       0       0

Mo77 Thursday, 05 October 2023 02:28 PM

මේක ක්‍රිකට් ආයතනය වංචා වසාගැනීමට හා ජනතා අප්‍රසාදය අඩුකර ගැනීමට කරන වැඩක්. ක්‍රිකට් ආයතනය ක්‍රිකට් බලා ගත යුතුයි. මලල ක්‍රීඩා ආයතනය මලල ක්‍රීඩා ව බලා ගැනීම තරම් ශක්තිමත් විය යුතුයි..

:       8       14

චන්දනThursday, 05 October 2023 05:59 PM

ඒක නම් හරි. වැඩේ හොඳ තමයි. ඒත ක්‍රිකට් සහ මළල ක්‍රීඩාව පටලවාගෙන. ක්‍රිකට් ව්‍යවස්ථාවේ තියෙනවද මේ වගේ දේවල්. ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නෙ ක්‍රිකට් වල සල්ලි තියෙනව උතුරන්න. විදෙස් ණය ගෙවන්න මේ සල්ලි ගන්න බැරිද?

:       0       1

fairoosThursday, 05 October 2023 07:31 PM

සහතික ඇත්ත .බයියන්ට කොහෙද මේවා තේරෙන්නේ

:       0       0

අමල් Thursday, 05 October 2023 02:35 PM

ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දියාවේ බූකීකාරයන්ට විකුණලා, ඉතිරි වෙච්චි සල්ලි මයේ හිතේ...

:       0       1

Siri Thursday, 05 October 2023 02:40 PM

හොඳ තීරණයක්. දැන් යන ආකාරයට අපේ ක්‍රිකට් කණ්ඩායමට තෑගි දෙන්න වෙන එකක් නෑනේ...

:       0       0

Dharmatileke Thursday, 05 October 2023 02:40 PM

ක්‍රිකට් ගහන්නම ඕනේ නැහැ. ජයග්‍රහණය අගය කිරීම ගැන ප්‍රශංසා කරනවා.

:       0       0

ජ.වීඑසිංහ Friday, 06 October 2023 07:32 AM

විය යුතු දෙයක් ගැන ඉක්මන් තීරණයක් ගැනීම ගැන සතුටුයි. ස්තුතියි.

:       0       0

Pearl Friday, 06 October 2023 08:26 AM

ඉතින් හදමු අපි අලුත් රටක්

:       0       0

ගමගේ Saturday, 07 October 2023 10:55 AM

හොඳ දෙයක් කළත්, නරක දෙයක් කළත් අපේ මිනිස්සුන්ට විවේචනය. අනේ මෙහෙමත් රටක්....!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site