
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 29 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ඉන්දීය ජාතික ව්‍යාපාරික ගුවන් මගියෙකි .
මොහු පිටත්වීමේ පර්යන්තයේ සිට සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය වෙත ගොස් සිටියදී , මොහු ඇද සිටි කළිසමේ සාක්කුවක් තුළ , කුඩා බෑගයක බහා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 158 ක් බරැති රන් බිස්කට් 09 ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03 ක් සගවා ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු සන්තකයෙහි තිබූ රන් බිස්කට් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd