(ජේ.කේ.එල්. චාමින්ද)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ රැදවියකු බන්ධනාගාරයේ කුටියක  සවිකොට තිබු සි.සි.ටි. වි කැමරා 23ක් කඩාබිද දමා ඇති බවට   බුස්ස බන්ධනාගාරය මගින් රත්ගම පොලිසියට පැමිණිලිකොට ඇත.

 රැදවියා 32 හැවිරිදිවියේ පසුවන උඩවලව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

 මත්කුඩු ජාවාරම් කිරිම හා කප්පම් ලබාගැනිම සම්බන්දයෙන්  මෙම රැදවියාට එරෙහිව අධිකරණයේ  විභාගවන නඩු 13ක්  ඇති බව පොලිසිය පවසයි.

 මෙම රැදවියා පාතාල සාමාජිකයෙකු බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

 හිරු රශ්මිය හා වාතාශ්‍රය ලබාගැනිම සදහා  මොහු රදවා සිටි කුටියෙන් එළියට ගෙන සිටි අවස්ථාවේ  මෙම රැදවියා තාප්පයක් මතට නැග මොහු සිටි කුටියේ ඇතුලත හා පිටතට සවිකොට තිබු සි.සි.ටි. වි කැමරා 23ක් අතින් පහරදි කඩාදමා ඇතිබවට රත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.