
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත.
රත්නපුර, වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා මහතා යන දෙපළ 2021 වසරේ සිදුකල අධ්‍යයනයකදී මෙම ශාක විශේෂය ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.
ඉන්පසු ශාක පිළිබඳ පර්යේශණය කටයුතුවල යෙදෙන හර්ශ සම්පත් මහතා දෙවන වරට සිංහරාජ වනාන්තරයෙන් සහ ලසිත ප්‍රගීත් මහතා තෙවන වරට කලවාන ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා කර ඇත.
මෙම පැළෑටිය සඳහා තවම සිංහල භාෂාවෙන් නාමයක් නොමැති අතර, මෙම උඩවැඩියා විශේෂයේ පැහැය පුෂ්පරාග මැණික් ප්‍රභේදයේ පැහැයට සමාන වීම, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන් හමුවීම ආදිය නිසාවෙන් පර්යේශකයන් මෙහි විශේෂ නාමය ලෙස ‘පුෂ්පරාග’ යන්න යෙදීමට කටයුතු කර ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.
මෙම ශාක විශේෂය පරපෝෂී ශාක විශේෂයක් වන අතර, මෙහි ශාක පත්‍ර දක්නට නොලැබේ. පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් කහ පැහැ මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්තය.
මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහල යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවන බව ද පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.
මෙම පර්යේෂණ පත්‍රිකාව එලි දැක්වීම සඳහා භාතිය ගොපල්ලව මහතා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ අමිල පෙරේරා මහතා (රජරට විශ්ව විද්‍යාලය) සමගින් ඉන්ද්‍රකීල මාදොල මහතා (වයඹ විශ්ව විද්‍යාලය), මහාචාර්‍ය දීප්ති යකන්දාවල මහත්මිය (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), හර්ෂ සම්පත් ජයවික්‍රම මහතා (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), ආචාර්ය පන්කර් කුමාර් (කර්ටින් විශ්ව විද්‍යාලය - ඕස්ටේ්‍රලියාව), මහාචාර්ය මාර්ක් චේස් (කිව් උද්භිද උද්‍යානය - එංගලන්තය) යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල කණ්ඩායමක සහය ලැබී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා ලස්සනයි!
මෙවැනි විශ්මයජනක ශාකයක් ගැන මීට පෙර අසා නැත. මෙම ශාකයේ ව්‍යාප්තිය සිදුවන්නේ කෙසේද ධාරක අලයක් සොයායන්නේ කෙසේද කෘතිම අන්දමට වගා කල හැකිද විස්තර දැනගැනීමට කැමැත්තෙමි
මෙහෙම පර්යේෂණ සදහා විවෘත විශ්ව විද්‍යාලයේ කවුරුවත් සහභාගි වෙන්නෙ නැද්ද එහෙම නැත්නම් එම විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා පාඨමාලා නැද්ද උසස් පෙළ සිසුවෙක් ලෙසට නොදන්නා නිසා අහන්නෙ.?
ඉහතින් අහලා තියෙන ප්‍රශ්න දෙකකට පිළිතුරු 1..මේක ව්‍යාප්ත වෙන්නෙ සාමාන්‍යෙ ඕකිඩ් වර්ග වගේම බීජවලින් සහ ඒ බීජ ව්‍යාප්ත වෙන්නෙ සුලඟින්.අපිට වගා කරන්න බෑ 2.විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේයේෂකයෝ ඉන්නවා උද්භිද විද්‍යාව හදාරන්නත් පුළුවන්
මෙය ඕකිඩ් වර්ගයක් නොව පරපෝෂිත ශාකයකි "Cytinus hypocistis" හතු වර්ගයකි
අපරාදේ මේවට වියදම් කරන සල්ලි .මෝඩ වැඩ .මාලිමාව ආපු දවසට ඔක්කොම නතර කරනවා
හෙළයට ගැලපෙන නමක් නැද්ද?
තවත් පරපෝෂී ශාක විශේෂයක් "රාවණා රැවුල - Cuscuta reflexa identified a dodder (ක්ලෝරෝෆිල් ඉතා අඩු"
මෙය දුටු මට, පුශ්පෙ අය්යා මතක් විය