IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රත්නපුර සිසු සැරියකට පෞද්ගලික බස් විරෝධයක්

(අජිත්ලාල් ශාන්තඋදය)

ගොරකඇල සිට තෙප්පනාවල කුරුවිට හරහා රත්නපුර දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් පාසල් සිසුන් ප්‍රවාහනයට සිසුදැරිය බස්රථයක් ධාවනයේ යෙදවීමට එරෙහිව එම මාර්ගයේ පුද්ගලික බස්රථ දින දෙකක් තිස්සේ ආරම්භ කළ වැඩවර්ජනය අද (19) ද පැවැත්විණි.

වර්ජනය හේතුවෙන් කදන්ගොඩ සිට ගොරකඇල දක්වා වු මගීන් ප්‍රවාහන ගැටලුවකට මුහුණ දී සිටිති. වර්ජනයේ නිරත පුද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මෙම සිසුසැරිය බස්රථය උදේ හයට ගොරකඇලින් ගමන් අරඹන වෙලාවටම පුද්ගලික බස්ථයක්ද කුරුවිට දක්වා පිටත්වීමට ගමන් අරඹන බවයි.

මැවතිවරණ සමයේ දේශපාලන වාසි ගැනීමට මෙම බස් රථය ධාවනයට යෙදවු බවට ද ඔවුහු චෝදනා කරති.

 කුරුවිට පොලීසියට සහ රත්නපුර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද පැමිණිලි කළ බවද වර්ජනයට එක්ව සිටින බස් රථ සේවකයෝ කීහ.

සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සාමාන්‍යාධිකාරී  දමිත් ප්‍රියන්ත බටවල මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ට ද එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඒ සම්බන්ධව රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද දැනුවත් කළ බව ඔහු කීවේ ය.

 එකම වේලාකට ලංගම සහ පුද්ගලික බස් රථ දෙකක් එකම මාර්ගයේ ධාවනය වීම බස් හිමියන් පවසන ආකාරයට ගැටලුවක් බව ද ඔහු කීය.

මේ අතර සිසුසැරිය බස් රථයේ ගමන්ගන්නා දරුවන්ගේ මව්පියන් පැවසුවේ මේ සිසුසැරිය බස්රථය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් බවයි.

 

 



අදහස් (6)

රත්නපුර සිසු සැරියකට පෞද්ගලික බස් විරෝධයක්

Aruna kumara Thursday, 19 September 2024 03:23 PM

බස් කාරයන්ට ලමයි නැති එවුවෝ

:       0       44

Wajira Thursday, 19 September 2024 03:48 PM

සිසුසැරිය කියන්නෙ පාසල් දරුවන්ට ගමනාගමනය සදහා තියෙන බස් රථයක් .ඒකට විරුද්ධව කටයුතු කරන්න කිසිම මිනිස් ප්‍රානියෙකුට හැකියාවක් නැහැ .මේ වර්ජනය පාසල් දරුවන්ට කරන හිරිහැරයක් නිසා ළමා රක්ෂණ අධිකාරියේ අවධානයට යොමුවේවා. කාළකණ්නි පුද්ගලික බස්තියන්ලාට ආත්ම ගණනක් පඩිසන් දේවි ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ

:       0       61

Janindu Perera Thursday, 19 September 2024 04:06 PM

යුන්ෆෝම් ඉන්න ළමයින්ව ප්‍රයිවට් බස් එකේ නිකං එක්කගෙන ගියා නං ඉවරනෙ කතාව

:       1       32

විනිප්‍රඩ් Thursday, 19 September 2024 05:40 PM

ජනිඳු මල්ලි ගොරකා ඇලසිට තෙප්පනාව කඳන්ගොඩ කුරුවිට හරහා රත්නපුර දක්වා යන්න පුද්ගලික බසයක් නැහැ. තියෙන පුද්ගලික බස්තියන්ලා යන්නේ කුරුවිටට පමණයි. දරුවන්ට එක්කෝ කඳන්ගොඩින් බැස හෝ කුරුවිටින් බැස රත්නපුර දක්වා තවත් එකක යන්න වෙනවා පාසල් 7.30 ට ආරම්භ කළත් ඔය බස් වලින් ආවොත් 8.30 ට වත් රත්නපුර දක්වා යන්න බැහැ. නිකං එක්ක ගියා කියලා වෙලාවට යන්න බැරිනම් පිළිවෙළට යන්න බැරි නම් රබර් කිරි කපන්න යන මිනිස්සු වගේ පාසල් යන්න බැහැ කියලා තේරුම් ගන්න බැරිද මල්ලි, ඔයාට මොළයක් නැතත් රම්බොඩ අයියා කියන දේ හරි...!

:       0       0

රම්බොඩ Thursday, 19 September 2024 04:30 PM

ලංගම කියන්නෙ එදා සිටම ජනතාවට මහත් සේවයක් කරමින් සිට්න රාජ්‍ය ආයතනයක්. සිසු සැරිය බස් යන්න ඕන රටේ දරුවන් ට පැසැල් පටන් ගන්න වෙලාවට මිසක මේ මිනිසුන් කියන වෙලාවට නෙවෙයි.

:       0       41

himal Friday, 20 September 2024 09:15 AM

තරගය කියන්නේ වැරදි දෙයක් නෙවෙයි වගේම මේ වගේ තරග විරෝධී වැඩ සාමාන්‍ය දෙයක් වෙලා. ගමක පිට ගමකින් නෙවෙයි ගමේම මනුස්යෙක්ට අලුත් කඩයක් දාන්න බෑ, හන්දියේ ත්‍රී වීල් පාක් එකෙන් පිට ත්‍රීවීල් වලට මිනිස්සු ගන්න දෙන්නේ නෑ. බස් එකක් දාන්න දෙන්නෙ නෑ. කොහොමත් සෙනඟ ඉන්නවා නම් එකම වෙලාවට බස් කිහිපයක් ධාවනය වීමේ වරද මොකක්ද? එතකොට මගීන්ට තමන්ට හොඳ සේවයක් දෙන බස් එක ‍තෝරා ගන්න පුළුවන්. එහෙම නැතුව. බස් වලට වෙලාව බෙදලා දුන්නාම එන බස් එකේ සේවාම අන්තිම වුණත් නඟින්න වෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site