
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් අත් අඩංගුවට ගත් බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය.
24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවේ සේවිකාවකි.
කිලෝ ග්‍රෑම් 05 කට අධික බරකින් යුතු රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 04 ක් සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් අද උදෑසන පිටතට යමින් සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් , මෙම සිදු වීම , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට මෙම තරුණිය සහ එසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ හතරක් ?සඟවාගෙන ගිය ආකාරය ?ඩබල් කැබ් එකක් වගේ නේද ?
කෝටි ගානක රත්රන් කිසිම දඩයක් නැතිව වජිරගේ ලියුමකට නිදහස් කළා...
නරක මිනිස්සුන්ට රැවටිලා අපරාදේ රස්සාවත් නැති කරගෙන තමන්ට විතරක් නොවෙයි තම පවුලේ අයටත් අපකීර්තියක් ගෙනදෙන වැඩක් කරලා තියෙන්නේ .අන්තිමට අමාරුවේ වැටෙන්නේ තමන් විතරයි .මේවා කාට කාටත් හොඳ පාඩම් .ජීවිතේ හරි විදියට ගෙනියන්න