(වසන්ත චන්ද්‍රපාල සහ සමන් දිසානායක)

රතුගල මිලග ආදිවාසි නායකයා ලෙස රතුගල සුදා වන්නිල ඇත්තන්ගේ  පුතාවන දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තේ පත් කරනු ලැබිය.

රතුගල ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තන්ගේ අවසන් කටයුතු අද සවස රතුගල සුදා වන්නිල ඇත්තන්ගේ නිවස පිහිටි ස්ථානයේ ඉඩමකදි සිදුකරනු ලැබීමෙන් අනතුරුව නව නායකයා තොරා පත් කර ගත්තේය.

රතුගල සුදා වන්නිල ඇත්තන්ගේ  අවසන් කටයුතු සඳහා රජ්‍ය අනුග්‍රහය ලැබි තිබුණු අතර රජය නියෝජනය කරමින් වෙළඳ සහ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආර් .එම් ජයවර්ධන මහතා සහ ජාතික ජන බලවේගයේ මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් කුමාර සහ ඌව පලාත් සභාවේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

ආදිවාසී පාර්ශවය නියෝජනය කරමින් දඹාන ආදිවාසි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් සහාභාගිවු අතර හිටපු අමාත්‍ය ගාමිණ විජිත් විජිත් මුණු මහතාද සහාභාගි විය.

මහා සංඝරත්නය විසින් ආගමිත වත්වතාත් පැවැත්විමෙන් අනතුරුව මෙම අවසන් කටයුතු කරන මොහොතේ පැමිණ පිරිස ගේ ගුන කථනයන් සිදුකරනු ලැබිය.

ඉන් අනතුරුව ආදිවාසි සිරිත් අනුව දුනු ඊතල වලින් පෙරමුණ ගත් ආදිවාසි පිරිස ඉදිරියෙන් ගමන් කළ අතර ආදිවාසින් විසින් දේහය ඔසවාගෙන පවුලේ සුසාන භුමිය වෙත ගමන් කරනු ලැබිය.

දේහය වල මත තැබිමෙන් අනතුරුව රතුගල නව ආදිවාසි නායකයා තෝරා ගැනිම සිදුකරනු ලැබිය.

මියගිය රතුගල ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තන් භාවිතා කරන ද පරම්පරා ගනනාවක් පැරැණි කෙටිරිය සහ දුන්න දඹාන ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පාති ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් නව රතුගල මිලග ආදිවාසි නායකයා ලෙස මියගිය ආදිවාසි නායකයාගේ පුතාවන දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තේ පත් කරනු ලැබිය.