(සුජිත් හේවාජුලිගේ )
ඉන්දීය රජය පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් එරට නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට ලබන 27 වැනිදා බදාදා රැගෙන ඒමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
ඉන්දුනීසියානු රජය පරිත්‍යාග කළ රුපියල් රුපියල් කෝටි තිස් හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයද ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විදේශයන්ගෙන් තවත් පරිත්‍යාග බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කළේය.
ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් ඒ සඳහා සහාය ලැබෙන්නේ යැයිද චන්න ජයසුමන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ දේශප්‍රේමය අවුස්සා බලය අල්ලාගෙන රට හිඟමනට ඇද දමා ඒ මදිවට ලෝකය ඉදිරිපිට දන්වන්න සිද්ධ කළ මහින්ද ප්රමුඛ රාජපක්ෂ පරපුර පාලනයෙන් ඉවත් කරගන්න අපේ පාර්ලිමේන්තුවට බැරි ඇයි? මේ තරම් ගැති මොකද? නිවට මොකද?
මහාචාර්ය පට්ටම තිබුණට වැඩක් තියෙනවද? කෙටි කාලෙකින් රට බංකොලොත් වෙනකම් නිහඬව බලාසිටීම..
පොතේ දැනුම තිබුණාට සාමාන්‍ය දැනුම නැහැ.
අපි දැන් ඉන්දුනීසියාවෙනුත් ඖෂධ හිඟාකන තත්වයට වැටිලා...
ඔය ආධාර නෙවෙයි..., හිඟමන්... ලැජ්ජා නැතිව තවත් අල්ලන් ඉන්නවා. අවුරුදු 5න් පෙන්ෂන් එක ගන්න. පුළුවන්නම් ඕක නැතිකරන්න යෝජනාවක් ගේනවා නම් මේ ඔක්කොම දමලා යයි.