
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ළඟදීම අලුතින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ රටවල්වල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින හෙයින් ඔවුන් රැකබලා ගැනීම සඳහා තානාපති කාර්යාල පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
සයිප්‍රසයේ සහ ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මෙයට පෙර ක්‍රියාත්මක වුවත් පසුකාලීනව ඒවා වසා දමනු ලැබීය.
මේ රටවල් තුනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇත.
මෙම තානාපති කාර්යාල පිහිටුවීම සඳහා ආරම්භයේදී විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මේ මුදල සොයාගැනීම බරපතළ අභියෝගයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටවල් තුනකට අලුතින් තානාපති කාර්යාල
සසර Saturday, 27 May 2023 02:09 PM
මේ පුවත අමාත්‍යාංශයේ නිලධාරින්ට ප්‍රකාශ කරන්න බැරිද? ඇයි ඇමැතියාගේ පොටෝ එකකුත් එක්ක දාලා. ජනතාව අතරට නොයන කපටි දේශපාලකයින් මාකට් හදා ගන්නවා.
PereraSunday, 28 May 2023 01:37 AM
මෙයා චන්දෙන් ආපු කෙනෙක් නෙමෙයි .ලැයිස්තුවෙන් එකඳු චන්දයක් වත් නැතුව ආපු කෙනෙක්
රංජිත් Saturday, 27 May 2023 06:47 PM
ප්‍රොෆෙසර් ඇඩ්මිරල් කොළඹගේ වගේ උගතුන් ඉන්නවනෙ දාන්න. වංචාකාරයන් රජ වෙන රටක්.
ලුම්බිණි Sunday, 28 May 2023 04:24 AM
තව ටික කලකින් ලංකාවේ තානාපති කාර්යාල නැති රටක් හොයා ගන්න අමාරු වෙනවා.
Nandalal DE SILVA - France Sunday, 28 May 2023 05:02 PM
මෙතරම් අහේනියකට රට පත්වී තිබෙන මොහොතක මෙවැනි දේ මොකටද ?තව්ටැහැ සල්ලි වියදම් නොකර මේ රටවල අල්ලපු රටවල ධනපතීන්ට මේ රටවල් තුනේ වැඩ බැලීමට යොදා ගන්න