IMG-LOGO

රටවිරුවන් මාස 5 කදී ඩොලර් මිලියන 2300 ක් එවලා

(යොහාන් භාසුර)

විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4 ක්, මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක් සහ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 454 ක් ප්‍රේෂණ මෙරට එවා තිබූ බව ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (6)

රටවිරුවන් මාස 5 කදී ඩොලර් මිලියන 2300 ක් එවලා

මංගල Friday, 09 June 2023 03:16 PM

ඒකට කළගුණ සලකන්න, මැදපෙරදිග යන දුප්පත් අයගෙන් රජයට අරගන්න කප්පම් මුදල කීයකින් හරි වැඩිකරන්න. එහෙමනේ ලංකාවේ වැඩ වෙන්නේ. හිඟන ආණ්ඩු, තමන්ගේ දරු පවුල දාලා පිටරටවල කඹුරන්න යන දුප්පතාගේ පාත්තරේටත් අතදාන...

:       3       17

chandima Friday, 09 June 2023 03:42 PM

ඒක මිසක්, රට ගොඩගත් අසහාය නායකයා කියලා කිව්වට රට ගිය මිනිස්සුයි රට ගොඩ අරන් තියෙන්නේ...!

:       7       18

sukitha Friday, 09 June 2023 07:46 PM

සෙන්ටිග්‍රේඩ් 40-45 වැඩ කරන්නේ කාන්තාරේ. ලංකාවේ නම් 33 පනිනකොට වෛද්‍යවරු අනතුරු අඟවනවා. ලැප්ටොප් එක අක්‍රීය වුණා උණුසුම වැඩිකමට. මස් ලේ වලට මොනවා වෙනවා ඇතිද කමක් නැහැ....

:       0       8

nalin Friday, 09 June 2023 08:44 PM

මේ මාසවල එව්වයි කියන ගණන් ටික එකතු කරපුවාම ඩොලර් මිලියන 2647.2 ක් වෙනවා.. ඇයි මේ 2300කට වැඩිය එව්වා කියන්නේ..? මට පේන්නේ මේ එවපු එකෙනුත් මොකෙක් හරි මාටියා ගහලාද මන්දා...?

:       1       4

duminda Saturday, 10 June 2023 09:41 AM

රට ගොඩගන්න තියෙන අඩුම කාලයක්, පිරිවැයක් තියන හොඳම විදිහ තමයි රට ඉන්න අපේ අයගේ සල්ලි... ඕක අනුර කිව්වාම හිනා වුණා. දැන් ඒක හොඳම විකල්පය වෙලා.

:       0       3

prasanna Saturday, 10 June 2023 12:08 PM

ඔය ගැන අණ බෙර ගහලා එන මුදල් ටිකත් නැති කරගන්න යන්නේ... ගොන්නු ටික...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site