(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5 ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4 ක්, මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක් සහ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 454 ක් ප්‍රේෂණ මෙරට එවා තිබූ බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කළගුණ සලකන්න, මැදපෙරදිග යන දුප්පත් අයගෙන් රජයට අරගන්න කප්පම් මුදල කීයකින් හරි වැඩිකරන්න. එහෙමනේ ලංකාවේ වැඩ වෙන්නේ. හිඟන ආණ්ඩු, තමන්ගේ දරු පවුල දාලා පිටරටවල කඹුරන්න යන දුප්පතාගේ පාත්තරේටත් අතදාන...
ඒක මිසක්, රට ගොඩගත් අසහාය නායකයා කියලා කිව්වට රට ගිය මිනිස්සුයි රට ගොඩ අරන් තියෙන්නේ...!
සෙන්ටිග්‍රේඩ් 40-45 වැඩ කරන්නේ කාන්තාරේ. ලංකාවේ නම් 33 පනිනකොට වෛද්‍යවරු අනතුරු අඟවනවා. ලැප්ටොප් එක අක්‍රීය වුණා උණුසුම වැඩිකමට. මස් ලේ වලට මොනවා වෙනවා ඇතිද කමක් නැහැ....
මේ මාසවල එව්වයි කියන ගණන් ටික එකතු කරපුවාම ඩොලර් මිලියන 2647.2 ක් වෙනවා.. ඇයි මේ 2300කට වැඩිය එව්වා කියන්නේ..? මට පේන්නේ මේ එවපු එකෙනුත් මොකෙක් හරි මාටියා ගහලාද මන්දා...?
රට ගොඩගන්න තියෙන අඩුම කාලයක්, පිරිවැයක් තියන හොඳම විදිහ තමයි රට ඉන්න අපේ අයගේ සල්ලි... ඕක අනුර කිව්වාම හිනා වුණා. දැන් ඒක හොඳම විකල්පය වෙලා.
ඔය ගැන අණ බෙර ගහලා එන මුදල් ටිකත් නැති කරගන්න යන්නේ... ගොන්නු ටික...!