(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බැංකු ගත කිරීම සඳහා මත්පැන් අලෙවි සලක කළමනාකරුවකු බෑග් එකක් තුළ දමාගෙන රැගෙන යමින් තිබූ රුපියල් 230,000මුදලක් කුරුණෑගල සූරතිස්ස මාවතේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන පලාගොස් ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
මත්පැන් අලෙවිසලේ කළමනාකරු මේ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.
මුදල් සහිත බෑගය රැගෙන පාගමනින් බැංකුව වෙත යමින් සිටියදී පුද්ගලයකු විසින් එක්වරම මෙම මුදල් බෑගය උදුරාගෙන යතුරුපැදියක නැඟ පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම මුදල් පැහැර ගැනීම සිදුකළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd