IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රටපුරා වැව් අමුණු පිරි ඉතිරිලා

(යොහාන් භාසුර)

වර්ෂාව හේතුවෙන් උතුර සහ උතුරු මැද ඇතුළු බොහෝ පළාත්වල ජලාශ, ගංඟා සහ වැව් පිටා ගැලීම හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

උතුරු පළාතේ ජනතාව මෙම තත්වයෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර උතුරු පළාතේ පුද්ගලයන් 6,000 කට අධික පිරිසක් මේ වන විට අවතැන්ව සිටිති.

උතුරු පළාතට අයත් මුලතිව්හි මුත්තියන් කට්ටු, කිලිනොච්චිය පුදුමුරිප්පු සහ ඉරණමඩු යන ජලාශ වාන් දැමීම හේතුවෙන් ඇතැම් ජලාශවල බැමිවලට හානි වීමේ අවදානමක් ද ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

මුලතිව් ප්‍රදේශයේ ජල ගැලීම්වලට හසුව ආපදාවට පත්ව සිටින සහ නිවෙස්වලට කොටුවී සිටින ජනතාව මුදාගැනීම සහ සහන සැළසීම යුද හමුදාව මැදිහත්ව ක්‍රියාත්මක කරයි.

උතුරු මැද පළාතේ අනුරාධපුර මල්වතු සහ කලා ඔය ඇතුළු ජලාශ රැසක් මේ වන විට පිටාර ගලමින් ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රාජාංගය ජලාශයේ වාන් දොරටු 14 ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු 2 ක් සහ නාච්චිදූව වැවේ වාන් දොරටු 6 ක් මේ වන විටත් විවෘත කිරීමෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් නිවේදන ද නිකුත් කර ඇති අතර මහවැලි ගඟ පොළොන්නරු සහ සෝමාවතිය ආදි ප්‍රදේශ කීපයකින් පිටා ගැලීම නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.

කණ්ඩලය ජලාශය පිටාර ගැලීම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටතේ වී ඇති අතර පසුගිය කාලයේ කථා බහට ලක්වූ විදුලිබලාගාර ආශ්‍රීත ජලාශ වන කාසල්රී, විමලසුරේන්ද්‍ර සහ උඩවලව යන ජලාශවල ජල මට්ටම් ද ඉහළ යමින් ඇති බව ද වාර්තා වේ.

මුලතිව් (ප්‍රදීප් කුමාර)

නාච්චාදූව 

සූරියවැව (දිල්ප්)

පදවිය (පියදාස සමරවීර)



අදහස් (1)

රටපුරා වැව් අමුණු පිරි ඉතිරිලා

Bandula Monday, 18 December 2023 03:48 AM

ඔය සැරේ රට ශශ්‍රීක චෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site