IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


“රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘

(සුජිත් හේවාජුලිගේ)

විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ වවුනියාව වෙඩිවෛත්‍යකල්ලු බෝගස්වැව විදුහල් භූමියේ දී පෙරේදා (3) වැනිදා පෙරවරුවේ පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේ දීය.

මෙය එම වැඩසටහන් මාලාවේ 17 වැනි වැඩසටහන වූ අතර උතුරු පළාතේ පැවැත්වූ පළමු වැන්නයි.

වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය මෙහිදී නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව ද පැවැසීය. ආනයනික පොල් තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනා ගැනීමට හැකි වූයේ පරික්ෂණවල ප්‍රතිඵලයක් විදියට බවත් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම අදාළ ආයතනවල වගකීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලයේ දී ඉටුකළ කාර්යභාරය පැහැදිලි කළ ජනාධිපතිවරයා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටු පොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය. පොල් තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කෙරුණු බවත් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් පැවැසීය.

මවුපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේලාට ශාසනික මෙහෙවර ඉටු කිරීමට අපහසු වී ඇති බැවින් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් දීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා හෙළි කළේය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ජල හිඟය පිළිබඳ ජනතාවගෙන් පළ වූ අදහස්වලට සවන් දුන් ජනාධිපතිවරයා දශක ගණනාවක සිට පවතින පානීය ජල ගැටලුවට වසරක දී විසඳුම් දීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ජන ගහණයෙන් සියයට 92ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳින හෙයින් කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 6000 ක් වෙන් කිරීමටත් ප්‍රදේශයේ සියලුම නළ ළිං ප්‍රතිසංස්කරණය සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් තීරණය විය.

දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය ගොඩනැගිලි සහ මේස පුටු හිඟයට ඉක්මනින් විසඳුම් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛන සපයාගෙන අවශ්‍යතාව අනුව මුදල් වෙන් කරන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

වවුනියාව නගරයේ සිට කිලෝ මීටර් 38 පමණ දුරින් නැගෙනහිර හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, බටහිරින් නන්දිමිත්‍ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව 1, බෝගස්වැව 2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න යන ගම්මාන ග්‍රාම සේවා වසමට අයත්ය. පවුල් 478 කින් සමන්විත වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමයේ ජනගහනය 1520 කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.

ගම සමග පිළිසඳරට සහභාගි වීමට බෝගස්වැවට පැමිණි ජනාධිපතිවරයා බෝගස්වැව මහා විද්‍යාලය දක්වා යන මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග කතා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටලු විමසීය.

එස්.එල්.ටී. මොබිටෙල් ආයතනය බෝගස්වැව මහා විද්‍යාලයට සහ නෙදුන්කර්නි මහා විද්‍යාලයට පිරිනැමූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට බාර දීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය සඳහා පොත් කට්ටල ජනාධිපතිවරයා විසින් පාසල්වලට පිරිනමනු ලැබීය. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500 කි.

හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය පසුගියදා ආරම්භ කෙරිණ. ජනාධිපති වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පවුල් පහකට සංකේතාත්මකව දීමනා පත්‍ර ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මෙහෙයවන පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව තුනක් බෝගස්වැව ගම්මානයේ වැව් 16ක්, කිවුල්ඔය ව්‍යාපෘතිය ඇතුළු වැව් 17 ක් ප්‍රතිසංස්කරණයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පුරා විද්‍යාත්මක උරුමය ආරක්ෂා වෙන පරිදි ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධනය කළ යුතු බවට ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

වන අලි තර්ජනයට ගොදුරු වී සිටින ගම් ආරක්ෂා කරනු පිණිස විදුලි වැට ඉදිකිරීමට ද තීරණය විය.

බෝගස්වැව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍ය, හෙද හා සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් ජනාධිපතිවරයා නියම කළේය.

දීර්ඝ කාලයක සිට පවතින ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු කඩිනමින් නිරවුල් කර කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ගම්මුන්ට පහසුකම් සැලසීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස්, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන් හා කුලසිංහම් තිලීපන් යන මහත්වරුන් ද ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

 



අදහස් (0)

“රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site