IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ආදායම් ලබාගැනීම සඳහා විධිවිධාන ඇතුළත් ජාතික ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  සලකා බැලිණ.

එම කාරක සභාව එහි  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

ලංකා මුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබා ගැනීමේ අයිතිය පැවතියද 1983 සිට එම අයිතිය භාවිතා කර නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එම කමිටුව හමුවේ පැවසීය.

ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය පිහිටුවීම හරහා ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් සිතියම්ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව නාවික හමුදා නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.



අදහස් (4)

රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට

ruchira Tuesday, 02 January 2024 05:24 PM

මුහුදු හෝ ගුවන් ඩ්‍රෝන වලින් උණු උණු පිට්සා, කිරිබත්, මී කිරි, අඹ, කැවුම්, ඇඹුල් තියල් වගේ දේවල් යවමුද

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 02 January 2024 06:13 PM

පනත ගෙනල්ලා සම්මත කරගෙන ඊට පස්සේ අයිතිය ඇවන්ගාඩ් වගේ හොරෙකුට විකුණයි, එහෙම කරලා ඒකේ කොමිස් මුදල් ඩීල්දාසගෙයි සාගලයගේ හරි පිනාගේ හරි බැංකුවකට හරවයි. ඊට පස්සේ රටට වෙන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න විතරයි.

:       2       4

chandima Wednesday, 03 January 2024 03:18 AM

නියමයි .ඒ සල්ලි වලින් තවත් බිත්තර බිලියනයක් ඉන්දියාවෙන් ගෙනැල්ලා ගබඩා සංකීර්ණයේ තැන්පත් කරන්න පුළුවනි

:       1       2

Nimal Wednesday, 03 January 2024 01:37 PM

ආපු නැව් ටිකත් හරවලා යවන්න තමයි පුතාලා ටික මේපාර හදන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site