(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ආදායම් ලබාගැනීම සඳහා විධිවිධාන ඇතුළත් ජාතික ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලිණ.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.
ලංකා මුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබා ගැනීමේ අයිතිය පැවතියද 1983 සිට එම අයිතිය භාවිතා කර නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එම කමිටුව හමුවේ පැවසීය.
ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය පිහිටුවීම හරහා ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් සිතියම්ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව නාවික හමුදා නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු හෝ ගුවන් ඩ්‍රෝන වලින් උණු උණු පිට්සා, කිරිබත්, මී කිරි, අඹ, කැවුම්, ඇඹුල් තියල් වගේ දේවල් යවමුද
පනත ගෙනල්ලා සම්මත කරගෙන ඊට පස්සේ අයිතිය ඇවන්ගාඩ් වගේ හොරෙකුට විකුණයි, එහෙම කරලා ඒකේ කොමිස් මුදල් ඩීල්දාසගෙයි සාගලයගේ හරි පිනාගේ හරි බැංකුවකට හරවයි. ඊට පස්සේ රටට වෙන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න විතරයි.
නියමයි .ඒ සල්ලි වලින් තවත් බිත්තර බිලියනයක් ඉන්දියාවෙන් ගෙනැල්ලා ගබඩා සංකීර්ණයේ තැන්පත් කරන්න පුළුවනි
ආපු නැව් ටිකත් හරවලා යවන්න තමයි පුතාලා ටික මේපාර හදන්නේ...