(රංජන් කස්තුරි)

රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකාව ප්‍රථමවරට ටින්මාළුවලින් ස්වයං පෝෂිත වී ඇතැයි ද ඔහු පවසයි.

ශ්‍රීලංකාවට දිනකට අවශ්‍ය මාළු ටින් ප්‍රමාණය ලක්ෂ දෙක හමාරක් පමණ නමුත් මේ වන විට දිිනකට දේශීය කර්මාන්ත ශාලාවලින් මාළු ටින් ලක්ෂ තුන ඉක්මවා නිෂ්පාදනය කරන බව ද ප්‍රනාන්දු මහතා පවසයි. 

ටින්මාළු නිෂ්පාදනයෙන් ශ්‍රී  ලංකාව ස්වයං පෝෂිත  හෙයින් මේ වන විට ටින්මාළු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.