
( ප්‍රසාද් රුක්මල් )
බුත්තල ප්‍රදේශයේ රටකජු වගාවක පැලක සිටියදී වලසකුගේ ප්‍රහාරයට ගොදුරු වී වලසා සපාකෑමෙන් සහ පහරදීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ප්‍රතිකාර ලබා දී තරුණයාගේ දිවි බේරා ගැනිමට හැකි වූ බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උපලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (20) පැවසීය .
බුත්තල ප්‍රදේශයේ පදිංචි ආර්.එම්..සුගන්ද පැතුම් (28) නැමති තරුණයකු මෙසේ වලස් ප්‍රහාරයට ගොදුරු වී ඇත.
මොහු මිතුරෙකු සමඟ බුත්තල කතරගම මාර්ගය ආසන්නයේ පිහිටි රට කජු වගාවක පැලක සිටියදී කැලෑවේ සිටි වලසකු එක්වරම පැලට කඩා වැදි මොහුගේ ඇගට පැන සපාකමින් මොහුට පහරදී මට පටන් ගත් බවත් , මොහු කෑගසමින් වලසා සමඟ පොරබැදීමේදී වලසා පැන කැලෑවට දිව ගිය බවද සුගන්ද පැතුම් කීය .
ඒ සමගම මිතුරා දිව ගොස් ඒ අසල ගසකට නැග දිව් බේරාගත් බවත් , පසුව යලිත් වරක් වලසා ඇවිත් ඇගට පැන සපාකන්නටවු බවත් ඒ.සමගම මිතුරා පොල්ලක් රැගෙන විත් වලසාට පහරදී මේදි වලසා තමාව අතහැර කැලෑව දෙසට දිවගිය බවත් ,ඇගපුරා ලේ ගලමින් තිබු තුවාල වලට කැලෑවේ තිබූ කොල වර්ගයක් තලා පොඩිකර මිතුරා දැමූ බවද හෙතෙම පැවසීය .

(වෛද්‍යවරයා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරාටත් වෛද්‍යවරුන්ටත් පින්!
මේ ඉන්නේ වලහද?
වලස්සු ඉන්න තැන් වල රටකජු වවන්නේ කව්ද. හේනට ඇවිත් පැලේ ඉන්නවට වලස්සු කැමති නෑ. මේ යටින් දාල ඉන්න මහත්තයා අරයගෙ යාළුවද. එයා රටකජු වවයි කියලා හිතන්න නම් අමාරුයි... ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන්සරණයි.
'සතුරන් එළවා දැමිය හැකි මිතුරන් පමණක් තබා ගන්න' කියා වලසා ගොදුරු වූ පුද්ගලයාට කීවාද?