(අංජුල මහික වීරරත්න)

අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ශුද්‍ර මූල්‍ය සමාගම් වලට රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ගොදුරු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

පසුගිය වසර තිහක කාලයේ ලංකාවට නිසි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් නැතැයි කී අමාත්‍යවරයා එය හදා ගැනීම මූලික වශයෙන් කළ යුතු බව සඳහන් කළේය.

දින හතරක් පුරා පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශණයට සමගාමීව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යහගතකරණය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී මෙය පැවැත්විණි.