
රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවැසීය.
බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු අප මාතෘභූමිය තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම ද තමා පිහිටුවන ආණ්ඩුවක් සතුව තිබෙනවා.
අනාගත දරු පරම්පරාව ගමත්, පන්සලත්, පල්ලියත්, කෝවිලත් සමඟ සම්බන්ධ කොට සංස්කෘතීන්ට ගරු කරන සමාජයක් බිහිකිරීමේ වගකීම තිබෙනවා.
සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.
අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා.
එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසල්වලට සමාන පාසල් ගමට ගෙනවා.
ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවන්ට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට 2015 දී අපි වෙනසක් කළා.
මේ රටේ ජනතාව සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොම ද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.
මේ රටේ ඒකීයත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. අද මහා සංඝරත්නයට අපහාස කරනවා. සංඝරත්නයට අපහාස කරනවා කියන්නෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිකයට අපහාස කරා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත්කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරාගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා තමයි ඊළඟ පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවෙ.
ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහිකරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

COMMENTS
එහෙනම් ආයෙත් දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් පදින්නේ නිධන් හොයලා පංසල් වනසන්නේ නැතිවෙයි..!
සරම ඇන්දට, සාටකේ දැම්මට ඔබයි, මමයි දන්න සංස්කෘතිය...
දළදා මාලිගාවේ කාර් රේස් පදින්න, දළදා මාලිගාව ළඟ අඩ නිරුවත් නටපු එකෙක් රටේ සංස්කෘතිය රකින බවට පොරොන්දු දෙනවා.
අනේ මේ බේබිට අමතකවෙලා තියෙනතරම් සංස්කෘතිය ඒවාට පහර දුන්නෙ අප්පච්චිත් එක්ක එකතු වෙලා අයියා මලෝ කට්ටිය නේද. නුවර කාර් රේස් පැද්දේ. දලදාමාලිගාව වෙන තැනකින් අරන් තියලාද. මෝඩ බේබි ගෙ චූන් කතා කෙත්තාරාමේ පිටටනියේ ලයිට් ගලවන් ගියේ. ඒවා අමතකද. මුලු පවුලයි නැදැයෝයි එකතුවෙලා මුලු රටම කාලා. සංස්කෘතිය ාආරක්ෂා කරන්න මෙයාව ඕනද. මෙයා මොනවද ඒගැන දන්නෙ .කොයිතරම් බුද්දිමත් වෙන්න ඕනද. මෙයා බලය අප්පච්චිට දෙන්න හිතන් වෙන්න ඇති ඉන්නෙ. මෙදා සැරේ චන්දෙන් අප්පච්චි ට ඉමජන්සි එකේ ඉන්න වෙන්නෙ
මාර සෙනගක් ඉන්නෙ
දළදා මාලිගාව වටේ කාර් රේස් පැදලා ඒ කාලෙත් සංස්කෘතිය ආරක්ෂා කලා නේද?
රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ගන්නේ හෝ ක්‍රියාත්මක කරන්නේ නෑ. කොටින්ම කිව්වොත් දළදා මාලිගාව වටේ කිසිවකුට රේස් පදින්න ඉඩ තබන්නේ නෑ..!
මාලිගාව ඉදිරිපිට රේස් පදවලාද?
අර රගර් ගහපු කොල්ලා මතක් වුණා... ඇක්සිඩන්ට් එකෙන් නැති වුණා.
දළදා මාළිගාව ඉස්සරහා ගෑණු නටවලා කාර් රේස් පැදපු ඔහේ ද සංස්‌කෘතිය රකින්නේ? අනේ යන්න... !
දළදා මාලිගාව වටේ කාර් රේස් පැදලද?
දිනන්න හැකි වූවොත් රාජපක්ෂ පවුලේ සංස්කෘතිය ආරක්ෂා කරන එක සහතිකයි... ජරාව කෑම කොමිස් ගැහිල්ල.....විරුද්ධවාදීන් මරා දැමීම හිරේ දැමීම....
පහුගිය කාලේ බලෙන් මත්වෙලා නුවර උතුම් දළදා මාලිගාව වටා බලහත්කාරයෙන්ම වගේ රේස් පැද්දුවේ. නිකන් බොරු එපා... මිනිස්සු රාජපක්ෂලා ගැන හොඳටම දන්නවා.
මෙයා ආවොත් රටට වෙන්නේ ගොඨාභය පාර්ට් 02 තමයි.
අනේ කිරි පුතේ බොලා ඔක්කොම ආරක්ෂා කරනවා .අපි තමයි විනාශ කලේ .අපි නිසා දුක් විඳින කොල්ලෙක් "නරි මල් "
දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බ හොර පෙරකදෝරුවා ..සංස්කෘතිය ආරක්ෂා කරන්නේ කටින් තමා..ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ උන් ගැන ලෝකෙම දන්නවා .ලැජ්ජාවක් නැතුව චන්දේ ඉල්ලනවා .රාජපක්ෂ හැතිකරේම රටට සාපයක් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා .
රටේ සංස්කෘතිය ආරක්ෂා කරනවා කියන එකේ කිරීමට කිසිම දෙයක් නැති ලේසිම මැතිවරණ පොරොන්දුවකි.
පුත්තලමෙ ඉන්නෙ අර සත්තු නෙව. උං ටික දැං තව ඒ වගෙම සතෙක්ගෙ බෑගිරියාව අහන්න එකතු වෙලා. පව්!
පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන් කොහොමද රටේ සන්ස්කෘතිය ආරක්ෂා කරන්නේ?
නුවර කාර් රේස් පදිමු .(කෙල්ලෝ නටලා මොකෝ )සංස්කෘතිය ආරක්ෂා කරන්න එක පොඩ්ඩක් රිෆ්‍රෙශ් කරලා ගමු
හොඳටම කලේ නුවර දි?...
කිසිම චාරයක් නැති හොර පෙරකදෝරුවන් රටේ සන්ස්කෘතිය ආරක්ෂා කරනවා කියන්නේ විහිළුවක්...!
මෝඩයා මොනවා කිව්වත් රටට ආදරේ පිරිස නාමල් සමඟයි