(නිමල කොඩිතුවක්කු)
ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මව්වරුන්ගේ, ළදරුවන්ගේ, හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව ඔවුන්ට දැනුම් දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කොට මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම සියලුම රජයේ පාසල්වල සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බවත් රටේ අනාගතය දරු පරපුර බැවින් මොවුන්ගේ නීරෝගී සම්පන්න භාවය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රටේ සැබෑ තත්ත්වය අයි එම් එෆ් හමුවේ කියනවා‘
chandima Tuesday, 12 March 2024 09:00 PM
හන්දි ගානේ කියවලා වැඩක් නැහැනේ ?ඒ මීටිමට එන්න කිව්වා නේද ?එතනට ගිහින් කියන්න .අතන මෙතන ගිරිය පුප්පන් බයිලා නොගහා
Bamunuarachchi Tuesday, 12 March 2024 09:19 PM
IMF එක මෙයාගෙන් තමයි ඇත්ත තොරතුරු දැනගන්න යන්නේ. පැහ් මෝඩය.
රංබොඩ Tuesday, 12 March 2024 11:09 PM
මේ සේරම නායකයින්ට තියෙන්නෙ හිඟාකන මානසිකත්වයක් . ඉතින් රටක් ගොඩ එයිද
chandima Wednesday, 13 March 2024 03:45 AM
අයි.එම්.එෆ් කාරයෝ ඉන්නේ දොම්පේද බන් ?
උපාසක Wednesday, 13 March 2024 05:54 AM
බුද්ධ කාලයේ විශාඛා උපාසිකාව විවාහ කර දෙන අවස්ථාවේ එතුමියගේ පියාණන් ඇයට වැදගත් උපදෙස් කීපයක් දුන්නා .මම කියනවා විනායකට ඒවා සොයාගෙන කියවා තේරුම් ගන්න කියලා. රටේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා බුදුහාමුදුරුවෝ අනුදැන වදාරා තියෙන ආකාරයට සප්ත අපරිහානීය ධර්ම අනුව කටයුතු කර විසදාගන්න කටයුතු කරන්න ඕන .එහෙම නැතුව පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා කටයුතු කලාම රටේ අනාගතය විනාශ වීමට හේතුවක් වෙනවා .ඒ නිසා මතක් කරන්න කැමතියි ලෝකයාට කේලම් කියලා රට විනාශ කරන්න එපා කියලා
pj Wednesday, 13 March 2024 06:03 AM
ඔබතුමාගෙ සැබෑ තත්ත්වය පළමුව කියන්න. ඊට පසුව ඕන දෙයක්.