(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත.
2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එය සැලකිය හැකි ඉහළ යාමක් වන අතර 2021 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 ක මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණි.
2021 වසර පුරාවට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5 ක් මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇත.2022 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3789.5ක් දක්වා අඩු වී තිබේ.එය ප්‍රතිශතයක් ලෙස සියයට 31 ක අඩු වීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය මාසේ ඉදන් මාත් එවනවා ඩොලර්. අපේ රට දියුණුවේවා!
දැන්වත් ඔය ප්‍රාථමික බයි "විරුවා" පද තවත්තන්න. ඊට වැඩිය ගරු නම්බ්‍රයි "විදේශ ගත ශ්‍රී ලාංකිකයන් " කියලා කියනවා නම්.