IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


රටේ වගකීම බාර ගන්න සජිත් සූදානම්

(නිමල කොඩිතුවක්කු) 

සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් බවත් රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

සමගි ජන බලවේගය රටේ සෑම මැතිවරණ කොට්ඨාසයකම බල මණ්ඩල පවත්වා අවසන් බවත් ඕනෑම වෙලාවක මැතිවරණයට සූදානමින් තම පක්ෂය කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන "දිනන ඇරඹුම" තේමාවෙන් සැප්තැම්බර් 16 සහ 17 දා මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සහ සංවිධායකවරු එක්ව මාතරින් පක්ෂයේ ශාඛා සමිති,  කාන්තා සමිති , තරුණ සංවිධාන පිහිටුවන වැඩපිළිවෙල ආරම්භ කරන බවත් මෙම වැඩපිළිවෙල ඉදිරි කාලය තුළදී රට පුරා දියත් කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (28)

රටේ වගකීම බාර ගන්න සජිත් සූදානම්

saman Tuesday, 12 September 2023 09:03 PM

"දිනන ඇරඹුම" කුමන නම් හෝ තේමා පාඨවලින් පැමිණියත් රටේ පුරවැසියන් වර්තමාන දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන්ට ඡන්දය ලබා නොදෙනු ඇත. පුරවැසියන් බලාපොරොත්තු වන්නේ විපක්ෂය බලයට පත්කරන්නා වූ වෙනසක් නොවේ. සමස්ත දේශපාලන ක්‍රමවේදයේ වෙනසකි...

:       2       12

මහසෙන් Tuesday, 12 September 2023 10:06 PM

රට්ටු හිනස්සන කතා නොකියා ඉන්නවාද?

:       2       19

Sampath Tuesday, 12 September 2023 10:28 PM

මේ රට බාරගන්න එමට කට්ටිය ඉන්නවා. ඒත් දීපු වගකීම් කරපු කෙනෙක් නම් හොයන්න අමාරුයි. වගකීම් ගන්න පෝලිමක් හැදිලා ඉන්නවා. බාරදෙන්න තම මිනිස්සු නම් සුදානමක් නැති පාටයි. නමුත් අන්තිමට කාටහරි ඩීල් දාලා ආයෙ වැඩේ සිද්ද කර ගනීවි.

:       1       14

Bamunuarachchi Wednesday, 13 September 2023 12:52 AM

ඔහෙලා ඡන්දෙට සූදානම් වුණාට අපි ලැහැස්ති නැහැ... ඔහෙලාට ඡන්දෙ දෙන්න...

:       2       15

pj Wednesday, 13 September 2023 01:28 AM

"සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට රට බාරදෙන්න", පඹයකුට රට භාර දෙන්න රට සුදානම් නැහැ.

:       2       18

abaran Wednesday, 13 September 2023 02:13 AM

මෙයත් අර අන්දරේ වෙලේ තිබුණු ගලඋස්සගෙන යන්න පුළුවන් කිව්වා වගේ කතාවක් තමයි කියන්නේ... ඡන්දෙකින් දුන්නොත් විතරයිලු වගකීම් බාරගන්නේ... කවදාවත් මෙයාට ඡන්දෙකින් දිනලා ආණ්ඩුවක් පිහිටුවන්න බැරි බව එයා දන්නවා ඇති. ලබන ඡන්දෙදි මෙයාගේ කණ්ඩායම 10 කට වැඩ අඩුවෙනවා. එය ඒකාන්තයි. පව් හිතෙනවා...

:       3       18

Bamunuarachchi Wednesday, 13 September 2023 04:03 AM

සජිත්ට රට භාර දෙන්න අපි සුදානම් නැත.

:       3       15

CK.Lankaputhra Wednesday, 13 September 2023 05:13 AM

නැතුවට කමක් නෑ. ඡන්දෙ දීමට සුදුස්සා ඉන්නවා...

:       3       15

Perera Wednesday, 13 September 2023 05:41 AM

එහෙම පේන්නේ නම් නැහැ...

:       2       14

City Wednesday, 13 September 2023 06:31 AM

පහුගිය වසරේ කළේ නැත්තේ ඇයි?

:       2       16

LGP. JATHUNARACHCHI. Wednesday, 13 September 2023 06:39 AM

කවදාද?

:       2       11

LGP. JATHUNARACHCHI. Wednesday, 13 September 2023 06:52 AM

කවදාද?

:       2       11

Chandra Wednesday, 13 September 2023 08:48 AM

අනේ දන්නා දේ කරන්නකෝ , රට හාරා දියුණු වෙන්න , කිසිම වගකීමක් ගත්තොත් අපි අමාරුවේ .

:       2       13

pri Wednesday, 13 September 2023 10:29 AM

නිවන්සුව

:       5       13

Kiriputha Wednesday, 13 September 2023 10:53 AM

තාත්තා ජනාධිපති වුණා කියලා මෝඩ පුතාලා හිතන් ඉන්නේ ඒ අයත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා.

:       3       22

Hematha Wednesday, 13 September 2023 10:57 AM

රටේ සියල්ලන්ටම අබ සරණයි

:       4       17

Thushan Wednesday, 13 September 2023 01:08 PM

නෝ තෑන්ක්ස්...!!

:       3       14

මහසෙන් Wednesday, 13 September 2023 01:12 PM

බාරගන්න සුදානම් වුණාට එයාට බාරදෙයි කියලාද හිතන්නේ... හි හී...

:       1       15

Aravinda Monarawila Wednesday, 13 September 2023 02:07 PM

උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු කියලා වගකීම හරි අපූරුවට ඉෂ්ඨ කළ හැටි අපි දැක්කා හලෝ...!

:       2       18

prasanna Wednesday, 13 September 2023 04:03 PM

අනුර සහ සජිත් කවදාවත් රටේ නායකයෝ වෙන්නේ නැහැ.

:       5       10

CCTuesday, 26 September 2023 11:50 AM

අනුර සහ සජිත් සමාන කල නොහැකියි (යාදෙක නොරත රත සමග පෑහීමක් නැත) අදූෂිත දේශපාලනය සහ දූෂිත දේශපාලනය සම වෙන්නේ නැත මේ රටට මේ මජර දේශපාලනය තවදුරටත් අවැසි අය අලි පොහොට්ටු හා ටෙලි ෆෝන් සලකුණේ දේශපාලනය තෝරා ගනීවි.රට හැදීමට සැබෑ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් ඇවැසි පිරිස මාලිමාව තෝරා ගනීවි. මේ රටේ දේශපාලන වෙනසකට බුරබුරා නැගෙන ජනතා විරොධයන් මැඩලීමට ආණ්ඩුව නොගන්නා උත්සාහයක් නොමැති වේවි. හැබැයි ජනතාව අවදියෙන් බව මනාව පෙන්නුම් වෙමින් තිබේ.

:       1       5

සෙනෙවිරත්න Wednesday, 13 September 2023 07:16 PM

තාත්තාගෙන් පුතාට දේශපාලනය නතර කරමු...!

:       2       12

Mangala U Ranasinghe Thursday, 14 September 2023 04:01 AM

නිකං දුන්න වෙලාවෙත් පැනලා දිව්ව මිනිහා ඡන්දෙකින් දිනන්න පුළුවන්ද? ගොන් කතා කියන්නේ නැතුව හිටියොත් හොඳයි. මිනිස්සුන්ට හිනහ වෙන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. තව අවශ්‍ය නෑ.

:       2       9

ජයලත් Thursday, 14 September 2023 05:38 AM

බාරගන්න කවුද ඡන්දේ දෙන්නේ..?

:       1       8

chandima Friday, 22 September 2023 05:33 PM

බස්වල නැගලා ගිය පලියට ඩ්‍රයිවින් පුරුදු වෙනවද? මළාට ඩ්‍රයිවින් සීට්එකේ ඉඳගෙනවත් නැහැ. අපට නම් බැහැ විහින් මැරෙන්න...

:       0       6

wije Thursday, 28 September 2023 10:25 AM

අම්ම අප්ප ලැවරියා වික්කා මූ රට විකණනවා.. ලැවරියා දාස ලා..

:       1       1

samanthaWednesday, 11 October 2023 09:21 AM

කෙනෙක් කල රැකියාවට ගරහන්න එපා. වැඩ බැරි කමට ඊට අදාල දේවල් කියමු.

:       0       0

හේමා Wednesday, 18 October 2023 03:46 PM

වෙන කෙනෙක් නෑ... සජිත් තමා රටට හොඳ.., ඔක්කෝම අය එක පක්ෂයකට එකතුවෙලා දිනන්ට ඕනෑ.. පරණ අලියා ලකුණින්ම සජිත් එනවා නම් හිතට දැනෙන ලකුණු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 221 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 237 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 201 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 380 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 109 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 732 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site