(රංජන් කස්තරි)
විදේශ රැකියා අපෙක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනයකිරීමට රජය තීරණය කර ඇත.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙරවැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී එම ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට තීරණය කර ඇත.
කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ පොලිස් වාර්තාවට සුළු වැරදි සහ නිදොස් කොට නිදහස් වූ අධිකරණමය කරුණු ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කරුණ ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් එක මොලේ ඇති වැඩක් කරලා. අනික තමා අධිකරණයකින් වරදකට වැරැදිකරු වෙලා දඩයක් හෝ සිරදඬුවමක් දුන්නත් ඒ සිද්ධිය වෙලා අවුරුදු දෙකක් හෝ 4ක් නම් ඒවාද අයින් කළයුතුයි.
එහෙනම් ඉතින් කුඩු කාරයින්ටයි, මිනීමරුවන්ටයි රටින් පනින්න පුළුවන් වෙයි...
කන්න හිතුණාම කබරගොයා තලගොයා කර ගන්නවා කියන්නේ මේකටයි. වැරදි කොරපු හාදයන්ගේ වැරැදි නොපෙන්වා පිටරට යවා ඒ රටවලත් වැරැදි කළාම වෙන්නේ ලංකාවේ පොලිස් වාර්තා පිළිනොගැනීමයි. මෙහෙ අරගල කරලා පොලිස් පොතේ ලියැවුණු ජෙප්පෝ මෙරට සිදුවීම් වලට වෙන රටවලත් අරගල කරන්න ගියාම තමයි අපිට කෙලවෙන්නේ. ඒ නිසා වැරැද්ද සුළුද නැත්ද කියන එක employerට තීරණය කරන්න ඉඩදී පොලිස් වාර්තාවේ සියලුම වැරැදි සටහන් කරන්න. එය මෙලොවටත් පරලොවටත් හොඳයි. යමරජ්ජුරුවෝ ඒවා තීරණය කරාවි. යම රජ්ජුරුවන්ට ලිස්ට් එක යනවා කියා දැනගත්තාම මිනිස්සු හොඳින් ජීවත් වේවි.
නුඹට දරුවෝ නැද්ද...? බමුණෝ.. සුළු වැරැද්දකට ළමයෙකුගේ ජීවිතයම නැති කරන්න.