
(අංජුල මහික වීරරත්න)
මේ මොහොතේ රනිල්ගේ දේශපාලන ආර්ථික සහ ජාත්‍යන්තර පලපුරුද්දෙන් ප්‍රයෝජන නොගත්තොත් ලංකාව අනිවාර්යයෙන්ම යටත් විජිතයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
අවශ්‍ය කරන්නේ විරුද්ධ පක්ෂයක් ලෙස උද්ඝෝෂණය කිරීම නොවන බව කී වජිර අබේවර්ධන මහතා බිමට වට්ටන රට ගොඩ නැගීම සඳහා දැන් විපක්ෂයක් අවශ්‍ය කර තිබෙන බව සඳහන් කළේය.
එජාප සභාපතිවරයා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
මහජනතාව සිංහල දෙමළ අවුරුද්ද සැමරීමට කෙසේ හෝ ක්‍රියා කර තිබෙනවා. ඒක වැදගත් දෙයක් හැටියටයි අපි දකින්නේ. අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. මොන පීඩනයක් මැද්දේ හරි මහජනයා ඒ පණිවිඩය රජයට ලබා දී තිබෙනවා.
ඒ කියන්නේ රජය සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා නොකළත් රජයට මහජන වටිනාකම් පාලනය කිරීමට බැහැ. මහජනයා කණකර උකස් තියලා හරි අවුරුදු සැමරුම් සිදු කරනවා.
එය ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාම ආඩම්බර වෙන්න ඕන අවස්ථාවක් යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු දේශප්‍රේමයට වඩා ඔයයි. යටත් විජිතයක් වෙලා මැරෙනකම් සතුටින් ඉන්න පුළුවන්.
දූෂිත සහ වංචනික වැඩ කරන්න තියෙන පල පුරුද්ද ගැන වෙන්න ඕන මේයා කියන්නේ.
රනිල් කියන්නේ මහා ලොකු පොරක් කියලා තමයි වජිරලා හිතන්නේ,,, රනිල් වලපයයි ගොඩපයයි අතර,, අවුරුදු 76ක් රට පාලනය කළාට දෙවෙනි පෙලක් හදලා නෑ,,,තනිකරම බලලොබී දෙෂපාලනයක් කරලා තියෙන්නේ,,, හැබැයි කට ඇරියොත් ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්නේ,,
රනිල් කරපු හරිය හොඳටම ඇති. විකාර කියවනවා.2048 රට ගොඩදානවයි කියපු කෙනානේ?
මේ රට වසර 76 ක්ම තිබුණේ තක්කඩි, මජර දේශපාලුවන්ගේ සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ යටත් වීජිතයක් හැටියට. ඒ නිසා මේ රට වැල් පාලමෙන් අගාදයට වැටුණත්, හිටපු හැතිකරේගේ දේශපාලන ආර්ථික සහ ජාත්‍යන්තර පලපුරුද්ද අනවශ්‍යයි
මොන්ගල් බේබිලට. පිනාගෙන් තොර ලෝකයක් නැහැ ඔයතරම්. සුත්තර. දන්න.වානම්. රට වැටිලා තියෙනකොට. රට සවාරිගහන්නත්. ඉස්තරම්. කජු පිටරටින් කන්නත්. පුලුවන්ද. රට ගැන නෙමේ බැලුවේ තම්න් සහතමන්ට කඩේයන ගොබ්බයින්ව සතුටු කරපු එක. කුඩු මුදලාලිලා වැජබෙනවා තරුන පරපුර. නාස්තිවෙනවා. මීනිමැරෙනවා කප්පම් ගන්නවා පිනා දැක්ජෙ නැහැ වගෙ ඉන්නවා. රටබන්කොලොත්. මුන් ඒත් පොරකනවා. රට බාරගන්න ඒ කුනු බොක්ක පුරව ගන්න. හොරාකාපු නාකි මයිනව ආරක්ශා කර ගන්න. මුලු පොලිසියම. මයිනගෙ කුඩුව වටෙ. අදි බලැති විදුලිය. කුඩුව වටේටම. පින් රනිල් ඔයවගෙ වැග කෙරුවේ ජනතාවට බර අදින්න දීලා ගොබ්බ රැලගෙ. නාකිමයිනට. දැන් ඒ කිසිමදෙයක් නැහැ. ඔය ඉන්නෙ ලස්සනට. කෝටිගනනින් මුදල් දේපල හොරා කන්න. ගොබ්බ රැලට ඉඩදුන්න පිනා රනිල්. මේකාගෙන් උප්දෙස් ලදරු පාසලටවත් එපා