IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘රටේ භාගයකටත් වඩා අහේනිය හොඳටම දැනිලා‘‘

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකාවේ ජනගහණයවන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනකුම ආර්ථික අවදානම් කලාපයේ පසුවන බවද එම කාරක සභාව සඳහන් කරයි.

ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 55.7 ක් බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

ග්‍රාමීය ප්‍රදේශවල මෙය සියයට 82 ක් තරම් ඉහළ තත්වයක් බව පවසන එම කමිටුව පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය බවද සඳහන් කළේය.

පුත්තලමේ අවදානමට ලක් වූවන්ගේ ප්‍රතිශතය සියයට 71.8 කි.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ශ්‍රී ලංකාවේ මේ තත්වය වර්ධනය වී ඇත්තේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කිරීම හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

 



අදහස් (4)

‘‘රටේ භාගයකටත් වඩා අහේනිය හොඳටම දැනිලා‘‘

Rata Perata Saturday, 07 October 2023 01:36 PM

සම්පූර්ණ ඇත්ත. ආර්ථික පරිහානිය නැවත ගොඩගන්න පුළුවන් මේ අය එළෙව්වාම...ඒත් රාජපක්ෂලා සහ රනිල් ඇතිකළ සමාජීය පරිහානිය අතිශය භයංකාරයි.

:       3       11

ගමේ එකාලා Saturday, 07 October 2023 04:26 PM

ආර්තික අහේනිය ජනතාවට දැනුණාට, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති...

:       0       8

Nimal Saturday, 07 October 2023 06:00 PM

ඔහොම කිව්වට මෙයත් ඕවට වගකියන්න ඕනෑ.

:       6       5

චාන්දනී Sunday, 08 October 2023 06:12 AM

මන්ත්‍රිතුමා ජන හා නිවාස සංගණනයක් කළේ මෙයට අවුරුදු 12 කටත් පෙර කියලා මතකයි. ඉතින් ඒකාලේ රටේ ජනතාව දෙකෝටි විසි ලක්ෂයක් ඉක්මවා හිටියා. එහෙම තියෙද්දි තවමත් දෙකෝටි විසි ලක්ෂයක් කියන්නේ ලංකාවේ ජනගහනය වැඩිවීමක් වෙලා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site