
(එම්.කේ.නන්දසේන)
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට ඒකරාශි වී විරෝධය දැක්වූහ.
එමෙන්ම මෙම ස්ථානයෙන් රටබීම හල ඉවත් කරන තෙක් කතරගම ප්‍රදේශයේ දූ දරුවන් 5000 ට අධික පිරිසක් අධ්‍යාපනය හදාරන ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් නවයක් වසා තැබීමට තීරණය කර තිබේ.
කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියෝ මෙම අවස්ථාවේදී මෙසේ කීය.
" හිටපු ජනපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතා 87 වසරේ කතරගම පැවති ගම්උදාවත් සමඟ කඳසුරිඳුගම ඔරලෝසු කණුව සීමාවේ සිට කතරගම පූජා භූමියක් බවට ගැසට්කර තිබෙනවා.
මෙම පූජා භූමිය සීමාවේ මේ දක්වා මත්පැන් හල් විවෘත කිරීමට බලපත්‍ර දීල නැහැ. නමුත් සංචාරක නිකේතන කීපයකට නතර වෙන සංචාරකයින් සඳහා පමණක් බලපත්‍ර ලබාදී තිබෙනවා.
මෙි අතර වාරයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ගේ සොහොයුරෙකු නමට කිසිදු විමසීමකින්, සොයා බැලීමකින් තොරව ඉකුත් 14 දා කතරගම වැඩසිටි කන්ද හංදිය සීමාවෙි මත්පැන් හලක් විවෘත කළා.
මෙදින මහ සඟරුවන සහ ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීමත් සමග එය වසා තබනු ලැබුවා. එලෙස වසා තැබූ මත්පැන් හල අභිනව ජනාධිපතිතුමා දිවුරුම් දෙන අවස්ථාව අල්ලා විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහෙම ගියොත් ඉදිරියේදී මස්කඩ, ගණිකා ආයතන, ඇතුළු සදාචාර විරෝධී දේවල් තව බිහිවෙන්න පුළුවන්.
කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණ තිස්ස නාහිමියන්ගේ කැඳවීම මත කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද , කතරගම වැඩ සිටි කන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඥානානන්ද නාහිමිවරුන් ප්‍රමුඛ කතරගම ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කොට තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි කිව්වලු...!
බුදුන් වහන්සේගේ දෙසූ නිවන් මඟේ වඩින්න හාමුදුරුවනේ. ඕනේවට වඩා ගිහියන්ගේ දේවල්වලට මැදිහත් නොවී.. දැන් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඔබවහන්සේලා...
බාර් එක ඇරියාම දහම් පාසල වැහුවා කියලා බාර් එකට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? දහම් පාසලට එන ළමයින්ටයි, දෙමව්පියන්ටයි, බොන්න එපා කිව්වම හරිනේ.