(අංජුල මහික වීරරත්න)

තව ටික කලකින් ලංකාවේ බංකොලොත් ස්ටිකරය ගැලවී යනු ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ  නානායක්කාර මහතා පැවසීය.

 ප්‍රශ්න ටිකක් තවමත් ඉතිරිවී තිබෙන අතර ඒ සියල්ලම තව නොබෝ දිනකින් විසඳෙනු ඇතැයි ද නානායක්කාර මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය හැමදාම වැඩ කළේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් බවත්  එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකදීම රට ඉදිරියට ගිය අතර  වෙනත් දේශපාලන කණ්ඩායම් විසින් ජාතිවාදය, ආගම් වාදය වපුරා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පරාජය කළත් එජාපය සෑම විටම සිටගත්තේ ජනතාව වෙනුවෙන් යැයි අමාත්‍යවරයා කීය.

කරණ්දෙනිය සහ බලපිටිය ආසනවල  එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් අමතමින් මනූෂ නානායක්කාර මහතා මෙි බව පැවසීය.