
(අංජුල මහික වීරරත්න)
තව ටික කලකින් ලංකාවේ බංකොලොත් ස්ටිකරය ගැලවී යනු ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ප්‍රශ්න ටිකක් තවමත් ඉතිරිවී තිබෙන අතර ඒ සියල්ලම තව නොබෝ දිනකින් විසඳෙනු ඇතැයි ද නානායක්කාර මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය හැමදාම වැඩ කළේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකදීම රට ඉදිරියට ගිය අතර වෙනත් දේශපාලන කණ්ඩායම් විසින් ජාතිවාදය, ආගම් වාදය වපුරා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පරාජය කළත් එජාපය සෑම විටම සිටගත්තේ ජනතාව වෙනුවෙන් යැයි අමාත්‍යවරයා කීය.
කරණ්දෙනිය සහ බලපිටිය ආසනවල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම් අමතමින් මනූෂ නානායක්කාර මහතා මෙි බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ බංකොලොත් ස්ටිකරය තව ටික දවසයි
Sunil Monday, 30 January 2023 12:48 PM
මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස හොඳින් තිබූ රටක් මෙවැනි අන්ත බංකොලොත් තත්වයකට ඇද දැමුවේ කවුද .ෆිච් රේටින් අනුව අප සිටින්නේ යටම යට තට්ටුවේ .මෙයට පහල වර්ගීකරණයක් නොමැත .බේගල් ඇද බාන්න එපා
sharm warn Monday, 30 January 2023 01:11 PM
මේ බංකොලොත් පාදඩගේ කට්ට තමයි ස්ටිකර් එක අලවන්න ඕනේ .මුන් මෙච්චර බොරු කියන්න ඉගෙන ගත්තේ මොන ඉස්කෝලෙන්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ අප්පා
Gemba Monday, 30 January 2023 01:30 PM
මූ දන්න ඉකොනොමික්ස් ?යුනිවසිටියක ඇකඩමික් ස්ටාෆ් එකට පත් කරාවි මයිනා හිටියානම් .හොඳ වෙලාවට මයිනා ඩිසේබල්
LGPJ Monday, 30 January 2023 01:49 PM
ඊළඟ අවුරුදුවලින් පස්සේ..!
sam Monday, 30 January 2023 01:54 PM
ඒක ඇත්ත. මේ යන විදියට අපිට වැඩි දවසක් බංකොලොත් තත්ත්වේ ඉන්න වෙන්නේ නැහැ. එයිනුත් පහලට වැටෙනවා.
fairoos Monday, 30 January 2023 02:20 PM
අනේ මෙහෙමත් දිවදෙකේ කෙනෙක් දැක්කාමයි.
Samal Monday, 30 January 2023 04:58 PM
"එක්සත් ජාතික පක්ෂය හැමදාම වැඩ කළේ රටේත්, ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් බවත්" එහෙනම් අමනුස්සයෝ UNP එකේ SJB එකට පනින්නේ නැතිව UNP එකෙන් ඉල්ලන්න තිබුණානේ...