
(නිමල කොඩිතුවක්කු)
දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බැවින් හොරු ඇල්ලීම විපක්ෂයේ සිටම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ෆයිල් පෙන්වා සිදුකරන බොරු සංදර්ශනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂද සිල්වා, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය ගන්නකලින් චන්ද්‍රිකා මැතිණියත් ඔය කතාව කිව්වා. නමුත් බලය ලබාගත්තට පස්සෙ දඩුවම්කල එක්කෙනෙක්වත් හොයාගන්න ලැබුනෙනෑ. ඒ නිසා මැතිවරණයක් කටලග තියෙද්දි කරන මෙවැනි ප්‍රකාශ පිලිගන්න අමාරුයි. සමහරවිට හොරු අල්ලන්න ගියාම තමතමන්ගෙ හොරුගැනත් අනාවරනයවන නිසා ප්රශ්නය හිමින්සීරුවේ යටගහන්න වෙන නිසයි කාගෙ කාගෙ හොරුත් අල්ලන්නෙ නැත්තෙ.
අර හොර සල්ලි එක්ක අහුවුණු ගණුකෙනා බේරපු එකටත් එයාලටත් දඬුවම් දෙනවයි ආයුබෝවන් ?
රට හාරපු , හොර සල්ලි අච්චු ගහපු අයටත් දේශය පාලු කරන්න බැරි විදියේ දඩුවමක් දෙන්න ඕන .
බලයට එනකං මහජනතාව , රට, ආර්ථිකය ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ. නමුත් ඔය එකක්වත් බලය ගත්තම මතක නෑ. හිටපු ජනාධිතුමියක් කීවා හොරු ගෙනත් ගෝල්පේස් එකට දඬුවම් දෙනවා කීවා. අපේ මිනිස්සුත් කට ඇරන් බලන හිටියා මෙදා පාරනම් හොරුන්ට හම්බුවෙනවා ආයේ හොරකම් නොකරන්න කියලා. දුන්නද දඬුවම්. අඩුම ගානේ ඒ ගැන වචනයක්වත් කීවද බලයට ආවට පස්සේ. එදත් හොරු හිටියා. එදත් ඔහොම පොරොන්දු දුන්න. අල්ලපු හොරෙක් නෑ. අන්තිමට හොරුත් එක්ක හෙළුවෙන් කට්ටියම එක පැත්තක. මිනිස්සු බලන් ඉන්නවා අර එළුවාගේ මොකද්ද එක වැටෙනකන් පස්සෙන් ගියා සුනඛයා වගේ.... මොළේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොළේ නෑ. " අවුරුදු හැත්තෑගානක් අපේ මිනිස්සු රවට්ටලා. තවත් ඒ කතාවම කියනවා. අපේරටේ මිනිස්සු ඒ කතාවට අදත් රැවටෙනවා. පුදුම රටක පුදුම රටවැසියෝ. මෙහෙම රටක් ලෝකේ කොහෙවත් තියෙනවද.....
අධිකරනය කියන තුරු ඔයා බය වෙලා හිටියා රජපක්ශලාට හොරු කියලා කියන්න, ඒත් අනුර එහෙම නොවෙයි බය නතුව රජපක්ශලාට හොරු කියලා කිව්වා.
මේ විකාර නම් කරන්න එපා...
බබා ලන්තේ ..සහ පුරවැසියන්...
තමුන්ටත් චෝදනා තියනවා නේද ?අනුන් ගැන කිය කියා ඉන්නේ
අම්මේ... ඔහෙලා ඔක්කොමල බබාලා!
අදහස නම් ඉතාමත් හොදයි එලෙසින්ම අපරාධයක් වුනාම සමහර වින්දිතයින්ට සහනයක් ලැබෙන බවක් පේන්නෙ නැහැ ඒගැනත් මොනවත් කරන්න පුළුවන් නම් තවත් හොදයි
ඔක්කොටම ඉස්සෙල්ලා බලයට එන්න ක්‍රමයක් ගැන කියන්න මුන් කිසි දාක චන්ද තියන්නේ නැති නිසා
දුලාංජලී ගේ ලක්ෂ හතළිහේ හොර සල්ලි කේස් එකේ ෆයිල් එකත් එතන ඇති නේද??
ඔක්කොම කතා බලයට එන්න කළින් විතරයි. ආවොත් අපි ඔක්කොම යාළුවෝ මල්ලි...
එතකොට ජනාධිපති මන්දිරේ බඩු හොරකම් කරපු පවුලට...?
ඔය කීවට හොරු අල්ලන්නේ නැහැ මල්ලි .මොකද දැන් SJB ගොඩක් අය රනිල් එක්ක යාලුයි.SJB ආණ්ඩුව ගත්තත් හොරු නම් අල්ලන්න බැහැ .ඇතුළෙන්ම යනවා හොරු බේරගන්න
හරි හරී එහෙම කරන්න තුම්සේ බලයට එන්න එපෑය. කව්ද තුම්සේට බලය දෙන්නේ? අපිනම් නෝ.