IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා

(විමුක්ති එස් රුද්‍රිගු)

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පවුල් සියයට 60.5 ක මාසික අදායම මෙලෙස අඩු වෙද්දී පවුල්වලින් සියයට 91 ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

නමුත් අදායම අඩුවූ පවුල්වලින් සියයට 73.6ක් කිසිම ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැති බවත් සියයට 6.6 ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අදායම අඩූවූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබා ගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම ආදිය වන බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මාසික වියදම වැඩි වූ පවුල් අතරින් සියයට 99.1 කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත් සියයට 83 කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට පවුල්වලින් සියයට 22 ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩිත වී ඇති බවත් වයස අවුරුදු 3ත්  21 ත් අතර සියයට 54.9 කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපෑමක් එල්ල කර ඇති බවත් එම සමීක්ෂණයෙන් හෙළි වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් සියයට 53.2 ක් ලිපිද්‍රව්‍ය වලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත් සියයට 44 ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආර්ථික අර්බුදය පැවැති කාල සීමාවේදී සියයට 29 ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වී ඇති බවත් ඉන් සියයට 7 ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇති බවත් එම සමීක්ෂණයයෙන් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එසේ ක්‍රියා පටිපාටිය වෙනස් කළ රෝගීන් පිරිසෙන් සියයට 35.1 ක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇති බවත් සියයට 33.9 ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවත් එම සමීක්ෂණයේදී හෙළි වී ඇත.ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට මූලික හේතුව ලෙස සියයට 81.7 සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකම බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ආර්ථික අර්බුදයේ ආරම්භය 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ සිදුවන බවත් එය කොවිඩ් වසංගතයත් සමඟ තවත් දරුණු වන බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලාංකිකයන් අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවත් ඒ අතර සිය පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමද තිබෙන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

 



අදහස් (2)

රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා

Lalla Thursday, 28 December 2023 09:00 AM

ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියා ජනපතිවරණයට ඉදිරිපත් වූ පුද්ගලයා සහ ඔවුන්ගේ පවුල් මේ අපරාධයට වගකියන්න ඕන නේද?. ඒත් තවමත් ඔවුන් මහජන බදු මුදලින් යැපෙනවා. මේක කොතරම් අපරාධයක්ද?

:       0       0

Nimal Thursday, 28 December 2023 12:35 PM

මේ දෙපාර්තමේන්තුව පවසන දේවල් පිළිබඳ විශ්වාසය තැබිය හැකියි. තවත් රජයේ හොරණෑවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site