
(අංජුල මහික වීරරත්න)
ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නැගෙනහිර පළාතේ පොතුවිල් ඔසුසල ශාඛාව විවෘත කරමින් පාලිත මහීපාල මහතා මේ බව කීය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලයේ 62 වන ඔසුසල ශාඛාව මෙය වේ.
අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා පොතුවිල් මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් එම රෝහල් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවා තව තවත් පුළුල් කිරීම සදහා පළාත් සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ කටයුතු සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
ඒ අනුව ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින නව ගොඩනැගිලි දෙකක් ඉදිරි මාස දෙක ඇතුලත ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවත්,බාහිර රෝගී අංශය,හදිසි ප්‍රතිකාර ඒකකය,ශල්‍යාගාර සහ අනෙකුත් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් මෙන්ම පරිපාලන හා බාහිර රෝගී සායන සදහා ගොඩනැගිල්ලක් ඒ යටතේ වන බව ද පාලිත මහීපාල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණාත්මක බෙහෙත් තියෙන්නේ පුද්ගලික ඔසුසල්වල කියලයි බොහෝ දෙනෙක් කියන්නේ... මගේ දරුවාට නොමිලේ රෝහලෙන් දෙන බෙහෙතක් හරි ගියේ නෑ. නමුත් එම බෙහෙතම (නිෂ්පාදිත රට වෙනස්) බොහෝ බාධක මැද අධික මිලක් ගෙවමින් පිට රටකින් ගෙනවිත් දෙන්නේ) ඒවාටත් විසඳුමක් දෙන්න...
මිනිස්සු පෝලිමේ නොතියා කඩිනමින් බෙහෙත් ලබාදෙන්න වැඩ පිළිවෙළක් හැදුවා නම් වටිනවා
ඉන්දියාවෙන් ගේන ඉතාමත්ම බාල ඖෂධ නවත්තලා බටහිර රටවලින් හොඳ ගුණාත්මක බෙහෙත් ගේන්න අවධානය යොමු කරන්න.
අපේ රටෙත් ඉතාමත්ම ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය කරන්න බටහිර රටවලින් අවශ්‍ය තාක්ෂණය සහ අවවාද උපදෙස් ලබා ගන්න.. ඉන්දියාව පිටිපස්සෙන් ගිහිල්ලා අපේ රටට කවදාවත් යහපතක් වෙන්නේ නැත.
ඔය ඔසුසල්වල වගේම රජයේ රෝහල්වල බෙහෙත් පෝලිම්ද කාර්යක්ෂමව වැඩකරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ. දොස්තරලාගේ සිට කම්කරුවා දක්වාම පෝලිම් දකින්න තියෙන්නේ මාර ආසාවක්. ඔවුන්ට පෝලිම් කියන්නේ දිව්‍යලෝකේ වගේ එකක්... ඔසුසැලෙත් එහෙමයි. මේ මුග්ධ ආකල්ප වෙනස්කරන්න නැවත ඉගැන්වීමක් කරන්න ඕනෑ.
නියමයි. හැබැයි එම ඔසුසල් වලට අවංක නිලධාරීන් දාන්න. නැතිනම් බෙහෙත් තියාගෙන නැහැ කියලා පුද්ගලික ෆාමසිවලට යවනවා. අන්න ඒකටත් පිළියමක් යොදන්න...!
අලුතෙන් ඔසු සල් අරින්න අවශ්‍ය නැහැ. රට පුරා තිබෙන රජයේ රෝහල්වලට ගුණාත්මක බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හැරියා නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. රටින් ගෙන්වපු බෙහෙත් වසර ගණන් පුස්කමින් ගබඩාවල තිබිලා පස්සේ විසිකරලා දමනවා.