IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල්  නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය  ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවක ඒ මුදල  ආයෝජනය කරන්නේ විදේශ බැංකුවල බවද එම මුදල් නැවත රටට ලබාගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවද පීරිස් මහතා කීය.

එය ලංකාවට හුදෙකලාව කරන්න නොහැකි බව ද ජාත්‍යන්තර ආයතන සමග ඒ සඳහා අත්වැල් බැඳගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන බව මන්ත්‍රීවරයා කීය.

අවාසනාවකට දූෂණ විරෝධී පනතේ ශ්‍රී ලංකාව අදාළ ජාත්‍යන්තර  ආයතන සමඟ සම්බන්ධ කෙරෙන දම්වැලක් නැතැයි ද පනතට අවශ්‍ය හයිය ලබා දෙන්නට නම් ජාත්‍යන්තර ආයතන වල සහය ලබා ගන්නා විධිවිධාන  එකතු කළ යුතු බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීය.



අදහස් (7)

රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ

Samitha S. Aluthgamage. Wednesday, 21 June 2023 01:32 PM

ඉතින් ඒකාබද්ධ විපක්ෂයම කිසියම් කතිකාවතක් ඇති කරගෙන රටෙන් හොරකම් කරගත් මුදල් නැවත පවරා ගැනීමට කටයුතු කිරීම නේද වඩා හොඳ. ඔබතුමාලාත් යම් ප්‍රමාණයකට හෝ මේ හොර තක්කඩින්ගේ වැඩ ගැන ඒ දිනවල මුනිවත රැක්කා.දැන් පීල්ල මාරුවුණ ගමන් වැරැද්දේ බරපතල කම වැටහෙනවා.ඒත් දැන් හෝ රට වෙනුවෙන් කළයුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට සිතාගන්න.

:       0       19

Channa Wednesday, 21 June 2023 03:41 PM

පව්. සමහර නායකයින් ඉතා සූක්ෂම ලෙස ජනතාව ගොනාට අන්දලා හොරකන් කරපු මුදල් නැවත ගන්න එපා. ඒ ඔවුන්ගේ හැකියාව. මේ මහජනතාවගේ ගොන්කම...

:       1       5

Hafeel Wednesday, 21 June 2023 04:30 PM

ඔය මුදල් රට පැන්නෙත් ඔයා ආණ්ඩු පක්ෂයේ නියෝජන කරන විට මිස ඔයා විපක්ෂයේ අසුන් ගත්තෙන් පසුව නොවේ. මෙයා ජනතාව ගොනාට අන්දනවා. රාජපක්ෂල කරපු හැම හොරකම්, වංචා, දූෂණ, අපරාධ සේරම කලේ මෙයා නොයෝජන කරපු ආණ්ඩුවේදී. එදා උපරිම හොරුන් වෙනුවෙන් මාද්‍ය ඉදිරියේ පැණී සිටියා. රාජපක්ෂලාගේ කුණු සෝදන්න එදා උපරිම කටයුතු කළා. මෙයාගේ මාහාචාර්ය නාමයෙන් රටට කිසිම වටිනාකමකුත් නැහැ. මෙයාව ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නවත් වටින්න නැහැ.

:       0       2

ajitha Wednesday, 21 June 2023 04:39 PM

එකට ඉන්න කම් හොරකම දැක්කම අහක බලාගෙන ඉඳලා, දැන් වැල් බයිලා කියනවා. හොරු විසින් හසුරුවන පාර්ලිමේන්තුවක පනත් මගින් හොරකම නැවත් විය නොහැක. මේ මජර දේශපාලන සංස්කෘතිය රටින් තුරන් කරන තුරු, මේ රට වල පල්ලට යාම නැවැත්විය නොහැක.

:       0       7

ගමේ එකාලා Wednesday, 21 June 2023 08:50 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ හැම දේටම කට පියාගෙන හිටියා. දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ ?

:       0       0

Bamunuarachchi Thursday, 22 June 2023 04:21 AM

ලොක්කො මුදල් රට පන්නන්න කොට ඔහෙත් ඒ පැත්තේ හිටියා නේද? එහෙනම් විස්තර ඇතුව කියන්න පුළුවන් නේද? මොකෝ නිකන් බාගෙට කථා? ලොක්කො මුදල් රට පැන්නුව කියන එක ඔහෙලගෙ ජෙප්පන් ගෙ සටන් පාඨයක් පමණයි. ඒකයි ඔප්පු කරන්නත් බැරුව දුෂණ පනතට ඇතුලත් කර ගන්න බැරුව ඉන්නේ. දැන් අවුරුදු කීයක් ඕක කියවනවාද? අඩුම ගන්නේ ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ප්ලේන් තිබෙන තැනවත් කියන්නකො. මෝඩයෝ හුරේ දානවා.

:       1       1

Saththaya Thursday, 22 June 2023 07:01 AM

රටින් මුදල් පන්නන්න අවරුදු ගණන් උදව් උපකාර කරලා, ලැජ්ජා නැතිව දැන් කතා කරනවනේ . මෙහෙමත් රටක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site