
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වසරේ දී මෙන්ම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
'අධිකරණ ඇමතිතුමා වැදගත් කාරණා දහයක් ඉදිරිපත් කර තිබෙනවා.අපේ නීති නවීකරණය කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුතු එතුමාට බාරදී තිබෙනවා. එයින් කොටසක් අද ඉදිරිපත් කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ මේ වසරේදීත්, එන වසරේදීත් සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි .ඕන නම් වැඩිපුර දවස් හෝ පාර්ලිමේන්තුව රැස්වී සම්මත කර ගනිමු. නීති නවීකරණය කිරීම වැදගත් දෙයක්.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටේ නීති පද්ධතිය නවීකරණය කරනවා
Bamunuarachchi Thursday, 10 November 2022 01:10 PM
මෙයා එක එක දවසට එක එක බොරු කියලා රටේ ජනතාව අන්දනවා.මු වගේ කපටි නරියෙක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.
sharm warnThursday, 10 November 2022 01:33 PM
යමක් කමක් අවබොද වී ඇති බව දැකිමත් සතුටක්..
යෝගා Thursday, 10 November 2022 01:34 PM
ඒ වගේම නඩු තීන්දු ප්‍රමාදය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේකෙන් අසරණයෝ දුක් විඳිනවා නීතිඥයන්ගේ හොද්ද බොර වෙනවා
sharm warn Thursday, 10 November 2022 01:40 PM
නීති පද්දතිය නවීකරනය කරනව කියල, තව තවත් මර්ධන නීති ගෙනෙන්නද හදන්නෙ? ගෙනල්ල බලමුකො. . මර්ධනය වෙන්නෙ කාවද කියල අපිටත් බලා ගන්න..
Hafeel Thursday, 10 November 2022 02:02 PM
දැනට තියන නීතිය ඕනේ තරම් ප්‍රමාණවත් නීතිය ක්‍රයාත්මක කරනවා නම්. මෙයාගේ ඇමති මන්ධලයතුල ඉන්නවා අධිකරණයෙන් තීන්දු කරපු කප්පම් කරුවක් සහ තවත් නඩු ගණනාවක් විභාග වැමින් පවතින දුෂිතයන්. එහම තියද්දේ අළුත් නීති මොනවටද? මේවා ජනතාව මුලා කරන සංදර්ශන.
Perera Thursday, 10 November 2022 02:14 PM
දේශපාලනික නඩුවල චෝදිතයින් අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් කල යුතුයි වගෙ නවීකරන නීති වෙන්න ඇති.
විපරමා Thursday, 10 November 2022 03:19 PM
පින් ජනපතියත් කරන්නේ දූෂිත පවුල් පාලනේ බලලෝබියෝ වගේ ජනතාව ගොනාට අන්දවන එක.ආසියාවේ ආශ්චර්යය සවුබාග්‍යයේ දැක්ම දැනුමේ කේන්ද්‍රස්ථානය තාරුණ්‍යයට හෙටක් කියලා රටම ඇන්දුවා.අන්තිමට ජනතාව මහපාරට ඇදලා දැම්මා .
දිමුත් Thursday, 10 November 2022 06:03 PM
මොන විහිළු කතාද අප්පා...? මේ රටේ ඇති තරම් නීති තියෙනවා. කෝ ඒවා ක්‍රියාත්මක වීම? නීති හද හද විතරක් හිටියට වැඩක් නැහැ...