
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වසරේ දී මෙන්ම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
'අධිකරණ ඇමතිතුමා වැදගත් කාරණා දහයක් ඉදිරිපත් කර තිබෙනවා.අපේ නීති නවීකරණය කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුතු එතුමාට බාරදී තිබෙනවා. එයින් කොටසක් අද ඉදිරිපත් කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ මේ වසරේදීත්, එන වසරේදීත් සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි .ඕන නම් වැඩිපුර දවස් හෝ පාර්ලිමේන්තුව රැස්වී සම්මත කර ගනිමු. නීති නවීකරණය කිරීම වැදගත් දෙයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එක එක දවසට එක එක බොරු කියලා රටේ ජනතාව අන්දනවා.මු වගේ කපටි නරියෙක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.
ඒ වගේම නඩු තීන්දු ප්‍රමාදය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේකෙන් අසරණයෝ දුක් විඳිනවා නීතිඥයන්ගේ හොද්ද බොර වෙනවා
නීති පද්දතිය නවීකරනය කරනව කියල, තව තවත් මර්ධන නීති ගෙනෙන්නද හදන්නෙ? ගෙනල්ල බලමුකො. . මර්ධනය වෙන්නෙ කාවද කියල අපිටත් බලා ගන්න..
දැනට තියන නීතිය ඕනේ තරම් ප්‍රමාණවත් නීතිය ක්‍රයාත්මක කරනවා නම්. මෙයාගේ ඇමති මන්ධලයතුල ඉන්නවා අධිකරණයෙන් තීන්දු කරපු කප්පම් කරුවක් සහ තවත් නඩු ගණනාවක් විභාග වැමින් පවතින දුෂිතයන්. එහම තියද්දේ අළුත් නීති මොනවටද? මේවා ජනතාව මුලා කරන සංදර්ශන.
දේශපාලනික නඩුවල චෝදිතයින් අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් කල යුතුයි වගෙ නවීකරන නීති වෙන්න ඇති.
පින් ජනපතියත් කරන්නේ දූෂිත පවුල් පාලනේ බලලෝබියෝ වගේ ජනතාව ගොනාට අන්දවන එක.ආසියාවේ ආශ්චර්යය සවුබාග්‍යයේ දැක්ම දැනුමේ කේන්ද්‍රස්ථානය තාරුණ්‍යයට හෙටක් කියලා රටම ඇන්දුවා.අන්තිමට ජනතාව මහපාරට ඇදලා දැම්මා .
මොන විහිළු කතාද අප්පා...? මේ රටේ ඇති තරම් නීති තියෙනවා. කෝ ඒවා ක්‍රියාත්මක වීම? නීති හද හද විතරක් හිටියට වැඩක් නැහැ...