(අංජුල මහික වීරරත්න)

 දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබේ.