(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළේය.
ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.
ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.
මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.
මෙම නව ඩෙල්ටා ආසාදිතයන් 84 දෙනා සම්බන්ධයෙන්වූ වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (20) බාරදෙනු ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්‍රයෙන් පැතිරෙයි
sachith Friday, 20 August 2021 05:48 PM
"එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැණුනු ලෝකයේ පළමු අවස්ථාව...", අද රෑට කතාවේදී කියන ‘‘අපි තමයි හොඳටම කළේ‘‘ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක...
siri Friday, 20 August 2021 05:53 PM
රට බේරගන්න කියලා ඡන්දේ දීලා දැන් පණ බේරාගන්න මාර සටනක් දෙන්න වෙලා තියෙන්නේ. අනේ අපොයි...!
SanaFriday, 20 August 2021 06:49 PM
ඒකනම් සිරාම කතාව. හොඳටම කරන ගමන්...
මහසෙන් Friday, 20 August 2021 06:44 PM
ඉදිරිය කෙතරම් බියකරුද යන්න මීටවඩා නිගමන අවශ්‍යයිද? මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට වඩා ගොබ්බ දේශපාලන තීන්දු නිසා පහුගිය දින කීපයේ අහිමි වූ ජීවිත කෙතරම්ද?
de silva Friday, 20 August 2021 07:27 PM
සර් උඩඟු නොවී මීට සති 2-3කට පෙර ලොක්ඩවුන් කර, එන්නත් කරන අය වේගවත් කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? සර් හැදුවේ ගුරුවරුන්ට පාඩමක් උගන්වන්නනේ. අන්තිමට පාඩම ඉගෙන ගත්තේ සර්... අසරණ වුණේ රටේ ජනතාව..
Sri Lanka Friday, 20 August 2021 07:43 PM
හොයාගන්නවා වගේ ඒවාට බෙහෙත් හදන්න. පිටරටින්ම ඕඩර් කරන්නේ නැතිව.. ස්තූතියි.
නිවර්තනා Friday, 20 August 2021 10:05 PM
අපිට නම් එපා විශාලා මහනුවරක්.. පරිස්සම් වෙමු.. මාස්ක් කීයටවත් නොගලවමු.
sampath Friday, 20 August 2021 11:00 PM
හිතාමතාම මේක පැතිරෙන විදිය අත්හදා බලනවාවත්ද මන්දා.
Sri Lanka Saturday, 21 August 2021 02:45 AM
රට වැහුවා, දැන් ඔබටත් ගෝලයන්ටත් නින්ද යයි හොඳට.
de silva Saturday, 21 August 2021 07:32 PM
අප්‍රේල් මාසේ සිට ඉන්දියානුවන්ට රට වැහුවානම් මේක වෙන්නේ නැහැ.