(නිමල කොඩිතුවක්කු)
රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සෘජුවම වගකිවයුතු පිරිස් නැවත වරක් අලුත් වටයකින් රටේ වගකීම් භාරගැනීමට ඉදිරිපත්වීමෙන් රට තවත් වලපල්ලට ඇද වැටෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
නව ආණ්ඩුවක් යැයි කියා රටේ වගකීම් භාර ගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් ඉදිරිපත් වුවත් රටේ වගකීම භාරගෙන ඇත්තේ පරන පුරුදු පිලුණු වූ පිරිසම බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුව පත්වී සති දෙකක කාළයක් ගතවුවත් රටේ ජනතාවගෙන් හෝ ජාත්‍යන්තරයෙන් ආණ්ඩුවට කිසිදු පිලිගැනීමක් ලැබී නොමැත් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පත්ව ඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සෘජුවම වගකිවයුතු පිරිස් නැවත වරක් අලුත් වටයකින් රටේ වගකීම් බාරගැනීමට ඉදිරිපත් වීමට ප්‍රධානතම හේතුව වනුයේ රටේ බහුතරයක් සහිත විපක්ෂ නායක වගකීම් ගැනීමට ඉදිරිපත් නොවී කොන්දේසි ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවක වේ. රට පත්වඇති ආර්ථික, දේශපාලනික අර්බුදයට සහ රට තවත් වලපල්ලට ඇද වැටීමේ වගකීම සෘජුවම වගකිවයුතු පිරිස් අතර රටේ ප්‍රධාන විපක්ෂ නායකයා ඇතුළු කණ්ඩායමද සිටින බව ජනතාව හොඳින්ම දනී...!
යහපාලන දෙවැනි අදියර සුපිරියටම කරමු. ශරීරයේ ලොම් කෙළින් වෙනවා මතක් වෙනකොට.,
මෙයාලා එක එක දේවල් කිය කිය ඉන්නවා. මෙච්චර කරදර වලදීවත් එකතු වෙන්න අගමුල හොයනවා. තමුන්ට වාසි මොකක්ද බලනවා. දේශපාලනය කරනවා. කරුමක්කාරයෝ...
හරි ආසයි ඔබතුමාලා ඒකට නේද?
මේ තමයි නියම අවස්ථාවාදියෝ...!