
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ වසරේ මාර්තු 31 වනවිට පැවැති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1725200 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට දේශීය ණය රුපියල් කෝටි 17051ක් පැවති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
එසේම බාහිර ණය ලෙස කෝටි 3700ක් පැවති බවද ඔහු කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ණය කළමනාකරණ පනක් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
එක් කේන්ද්‍රගත ස්ථානයකට ණය කලමනාකරණ වගකීම පැවරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව පැවසූ සේමසිංහ මහතා ණය තිරසරභාවයක් ඇතිවන ආකාරයට රට කළමනාකරණය කිරීමද එහි තවත් අරමුණක් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම ණය නැති දියුණු රටක් හොයනවා ඇති.. අවුරුදු 75ක සාපය කියලා කියන්නද?
අපි ණය ගැනත් දන්නවා ණය කරපු උනුත් දන්නවා. ඡන්දේ එනකල් ඉන්නෙ
රට බංකොළොත් නැහැ. ඔය ණය ටික සුටුස් ගාලා අපි ගෙවනවා.