(නිමල කොඩිතුවක්කු)
තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාම එක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංගීත පුටු හරඹ වෙනුවට ‘තමන්ට පෙර රට සහ ජනතාව’ යන උදාර සංකල්පය මත පදනම්ව පවුල් වාදයෙන් තොර දේශපාලන ප්‍රතිපත්තිමය ගමනක් වෙනුවෙන් සියලු දෙනාට හිට ගත හැකි නව සන්ධානයක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ප්‍රේමදාස මහතා මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිච්ච හාල් කෑලි එකතු කරකර ඉන්නේ නැතුව රට ගොඩ නගන වැඩ පිළිවෙල එළි දක්වන්න...
රට ගැන හිතනවා නම් සජිත් මහත්තයෝ, ඔයා මුලින්ම කරන්න ඕනෑ ඔයාගේ අම්මාව රටේ මිනිස්සුගේ සල්ලි වලින් නඩත්තු කරන එක නවත්වලා ගෙදර එක්කරගෙන ගිහිල්ලා බලාගන්න එකයි. ඒක කරලා පෙන්වන්න. එතකොට රටගැන හිතන ජනතාව එයි... ඔයත් එක්ක ගමනක් යන්න එයි.
මෙයත් පම්පෝරි විතරයි.. වැඩ නෑ
ඈ... මම පක්ෂ නායකයෙක් වෙලත් ඔයාගේ දෙපතුල ළඟට ආ පසුවවත් කතා නොකළ ඔයා වගේ කෙනෙකුට සාමාන්‍ය ජනතාව එක්වෙයිද?
නෑ කවදාවත් නෑ
රට ගැන සිතුවා නම් බංකොළොත් රට අරගෙන කරන්න ආරාධනා කරපුවාම වැඩ පෙන්නන්න තිබුණානේ...